2022 අයවැය විවාදය සංඥා භාෂාවෙන් – පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ අනුමැතිය

0
2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් 2022 අයවැය විවාදය සංඥා භාෂාවෙන් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් මෙවර අයවැය විවාදය සංඥා භාෂාවෙන් ද ඉදිරිපත් කිරීමට (21) පස්වරුවේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

ගරු කථානායකවරයාගේ යෝජනාවකට අනුව පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මේ පිළිබඳව සලකා බැලුණු අතර ඒඅනුව අයවැය විවාදය පැවැත්වෙන කාල සීමාව තුළ රූපවාහිනි සජීවී විකාශයට සමගාමීව සංඥා භාෂා කවුළුවක් විකාශය කිරීමට මෙහිදී අනුමැතිය හිමිවී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com