2022ට ජනාධිපති යටතේ පවතින අමාත්‍යංශයවලට දිනකට කෝටි 116යි ; සෞඛ්‍යට දිනකට කෝටි 42යි

2022ට ජනාධිපති යටතේ පවතින අමාත්‍යංශයවලට දිනකට කෝටි 116යි ; සෞඛ්‍යට දිනකට කෝටි 42යි

2022ට ජනාධිපති යටතේ පවතින අමාත්‍යංශයවලට දිනකට කෝටි 116යි ; සෞඛ්‍යට දිනකට කෝටි 42යි

ලබන වසර වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන විසර්ජන පනත් කෙටුම්පත් අනුව ජනාධිපතිගේ සහ ඔහු යටතේ පවතින අමාත්‍යංශයවලින් දිනකට රුපියල් කෝටි 116.54ක වියදමක් ඇස්තමේන්තු කර තිබෙන අතර කොවිඩ් වසංගත තත්වය යටතේ පවා සෞඛ්‍ය වෙනුවෙන් දිනකට රුපියල් කෝටි 42ක් පමණක් වැය කිරීම සඳහා වෙන් කර ඇත.

මෙහි තවත් විශේෂත්වයක් වන්නේ ගෙවී යන 2021 වර්ෂය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට රුපියල් කෝටි 15,947ක් වෙන් කර තිබෙන අතර ලබන වර්ෂය වෙනුවෙන් එය රුපියල් කෝටි 15,353ක් දක්වා කපා හැර තිබීම ය.

ජනාධිපතිගේ වියදම් වශයෙන් රුපියල් කෝටි 279, ආරක්ෂක අමාත්‍යංශයට රුපියල් කෝටි 37,305ක්, මුදල් හා ප්‍රාග්ධන රාජ්‍ය ඇමති ලෙස රුපියල් කෝටි 7,517ක් සහ තාක්ෂණ ඇමති ලෙස රුපියල් කෝටි 436ක් වශයෙන් වෙන්කර ගෙන තිබේ. ගෙවී යන වර්ෂයේදී ජනාධිපති සහ ආරක්ෂක ඇමති යන තනතුරු දෙක සඳහා රුපියල් කෝටි 36,449ක් වෙන් කර ගෙන තිබූ අතර මේවන විට මුදල් හා ප්‍රාග්ධන රාජ්‍ය අමාත්‍යංශය මෙන්ම තාක්ෂණ අමාත්‍යංශයද ජනාධිපති යටතේ පවතී.

මේ අනුව, ජනාධිපති යටතේ පසුගිය වසරේ රුපියල් කෝටි 36,449ක් වූ මුලු ප්‍රතිපාදන ප්‍රමාණය ලබන වසර වෙනුවෙන් රුපියල් කෝටි 42,537ක් දක්වා ඉහල දමා ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *