ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව ඉන්දීය ධීවරයින් ආක්‍රමණයට උතුරේ ධීවරයින්ගේ විරෝධය

ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව ඉන්දීය ධීවරයින් ආක්‍රමණයට උතුරේ ධීවරයින්ගේ විරෝධය

ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව ඉන්දීය ධීවරයින් ආක්‍රමණයට උතුරේ ධීවරයින්ගේ විරෝධය

ඉන්දීය ධීවරයින් මත්ස්‍යයින් ඇල්ලීම සඳහා ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව ආක්‍රමණය කරමින් පැමිණීම නවතාදෙන ලෙසට බලකරමින් උතුරු පළාතේ ධීවරයින් (17) විරෝධතාවයක නිරත වනවා.

මෙම විරෝධතාවයට එක්වන ධීවරයින් විරෝධතා පුවරු සහ කළු කොඩි සහිතව බෝට්ටු 100කින් පමණ මුලතිව් සිට පේදුරුතුඩුව දක්වා පැමිණි අතර ඔවුන් ඉල්ලා සිටින්නේ මෙරට මුහුදු සීමාවේ ඉන්දීය ධීවරයින් සිදුකරන මත්ස්‍ය ජාවාරම නවතාදමන ලෙසට හා ඉන්දීය ධීවරයින් මෙරට ධීවරයින්ට සිදුකරන පහරදීම් හා දැල්වලට හානි කිරීම් නවතා දැමීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

වසර ගණනාවක සිට පවතින ඉන්දීය ධීවර ගැටලුවට ස්ථිර විසඳුමක් නොලැබීම හේතුවෙන් උතුරු පළාතේ ධීවරයින් දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බවද විරෝධතාකරුවන් සඳහන් කර සිටියේ. විශේෂයෙන්ම පසුගියදා මෙරට සංචාරය සඳහා පැමිණි ඉන්දීය රජයේ නියෝජිතයින් වෙතද මෙම ධීවර ගැටලුව පිළිබඳ ධීවරයින් විසින් කරුණු ඉදිරිපත් කරනු ලැබිණි. මීට පෙර මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් පැමිණෙන ඉන්දීය ධීවරයින් සහ යාත්‍රා අත්අංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කරනු ලැබුවත් මේ වනවිට එවැනි තත්වයක් දක්නට නොලැබෙන බව ධීවරයින් චෝදනා කරති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *