සියලුම කෞතුකාගාර සහ පුරාවිද්‍යා ස්ථාන පෙර පරිදි සංචාරකයින් සඳහා විවෘතයි

සියලුම කෞතුකාගාර සහ පුරාවිද්‍යා ස්ථාන පෙර පරිදි සංචාරකයින් සඳහා විවෘතයි

සියලුම කෞතුකාගාර සහ පුරාවිද්‍යා ස්ථාන පෙර පරිදි සංචාරකයින් සඳහා විවෘතයි

කොවිඩ් 19 වසංගත උවදුර හේතුවෙන් සෞඛ්‍ය නීතිරීතී හේතුවෙන් වසා දැමුණු මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සියලුම කෞතුකාගාර සහ පුරාවිද්‍යා ස්ථාන පෙර පරිදි සංචාරකයින් සඳහා නැවත විවෘත කළ බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් පුරාවිද්‍යාඥ මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා පවසයි.

ඒ අනුව සංචාරකයින්ගේ ආකර්ශනීය ස්ථාන ලෙස ප්‍රචලිත පොළොන්නරුව, සීගිරිය, කතරගම, ගාල්ල, මහනුවර, අනුරාධපුර ඇතුළු මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පාලනය වන දිවයිනේ සියලුම කෞතුකාගාර සහ ව්‍යාපෘති සෞඛ්‍යය නීතිරීති හා මාර්ගෝපදේශ ප්‍රකාරව සහ අදාල චක්‍රලේඛවලට අනුගතව (14) සිට විවෘත බවද හෙතෙම කීය.

තවද ලෝක උරුම කලාපයක් වන ගාලු කොටුවේ ස්ථාපිත ශ්‍රී ලංකාවේ එකම සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ප්‍රථම එළිමහන් විවෘත කෞතුකාගාරය වන ඉබ්බන්කටුව මහා ශිලා සුසාන භූමියේ පිහිටි කෞතුකාගාරය, දඹුල්ල බිතුසිතුවම් සංරක්ෂණ මධ්‍යස්ථානය සහ ජේතවනය,අභයගිරිය සීගිරිය,මහනුවර, පොළොන්නරුව, කතරගම,යාපහුව, රත්නපුර ,මොණරාගල ,නාමල් උයන, ත්‍රිකුණාමලය, දඹදෙණිය ,රිදී විහාරය, යාපනය, රම්බා විහාරය යන ස්ථානයන් හි පිහිටි සියලුම කෞතුකාගාර ද දෙස් විදෙස් සංචාරකයින් සදහා විවෘත යැයිද මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් පුරාවිද්‍යාඥ මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා වැඩිදුරටත් කීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *