රසායනික පොහොර තහනම් කිරීම හේතුවෙන් තේ අස්වැන්න 70%කින් පහලට

රසායනික පොහොර තහනම් කිරීම හේතුවෙන් තේ අස්වැන්න 70%කින් පහලට

රසායනික පොහොර තහනම් කිරීම හේතුවෙන් තේ අස්වැන්න 70%කින් පහලට

ආණ්ඩුව දුරදිග නොබලා රසායනික පොහොර තහනම් කිරීම හේතුවෙන් මෙරට තේ අස්වැන්න 70%කින් පමණ අඩු වී ඇතැයි තේ වතු හිමියෝ පවසති.

විශේෂයෙන් කුඩා තේවතු හිමියන් ප්‍රමුඛ එම කර්මාන්තයේ නියුතු සියලු දෙනාගේ ජීවනෝපාය දැඩි අවදානමකට ලක්ව ඇතැයි කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනයේ ජාතික සංවිධායක ලාල් ප්‍රේමනාත් සඳහන් කරයි.

රටපුරා විසිරී සිටින ලක්ෂ පහකට අදික කුඩා තේ වතු හිමියන් සහ ඔවුන්ගේ පවුල්වල පිරිස් ඇතුළුව මිලියනයකට අධික තේ කර්මාන්තයේ නියුතු ප්‍රජාව මෙම අවිද්‍යාත්මක තීරණයෙන් පීඩාවට පත්ව ඇතැයිද ලාල් ප්‍රේමනාත් සඳහන් කරයි. වාණිජ බෝගයක් වන තේ ගසට දියුණු පොහොරක් ලබාදීම අත්‍යාවශ්‍ය බවත් පාරම්පරික පොහොර ලබාදීමෙන් ඵලක් නොමැති බවත් ඔහු සඳහන් පෙන්වා දෙයි. මාස හයක පමණ කාලයක සිට නිසි ලෙස පොහොර නොලැබීම හේතුකොටගෙන අද වනවිට තේ දලු කහ පැහැයට හැරී නැටි මෝරා අස්වැන්නේ ප්‍රමිතිය බාල වී ඇතැයි ප්‍රේමනාත් මහතා ප්‍රකාශ කළේය.

ඩොලර් ඉතිරි කර ගැනීම හෝ වෙනත් අරමුණු මත පිහිටා ආණ්ඩුව ගනු ලැබූ මෙම තීරණය හේතුවෙන් වසරකට කිලෝ මිලියන 500කට වඩා වැඩි ප්‍රමාණයක් තේ අපනයනය කොට මෙරටට ඩොලර් රැගෙන ආ තේ කර්මාන්තය කාඩා වැටී ඇතැයිද සභාපති ලාල් ප්‍රේමනාත් සඳහන් කරයි. මෙම තත්වය මත ‘තේ හබ් එකක්’ නිර්මාණය කොට තේ ප්‍රති අපනයනය කිරීමට ආණ්ඩුව සූදානම් වන බවත් ඒ ඔස්සේ කර්මාන්ත කඩා වැටී අනාගතයේ ජාවාරම්කරුවන් රජ කරනු ඇති බවත් ඔහු අවධාරණය කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *