ක‍්‍රිප්ටොකරන්සි හා බ්ලොක්චේන් සමාගම්වලට ශ්‍රී ලංකාවේ ආයෝජනයට කැබිනට් අනුමැතිය

ක‍්‍රිප්ටොකරන්සි හා බ්ලොක්චේන් සමාගම්වලට ශ්‍රී ලංකාවේ ආයෝජනයට කැබිනට් අනුමැතිය

ක‍්‍රිප්ටොකරන්සි හා බ්ලොක්චේන් සමාගම්වලට ශ්‍රී ලංකාවේ ආයෝජනයට කැබිනට් අනුමැතිය

ක්‍රිප්ටොකරන්සි මයිනින් සමාගම්වලට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට අනුමැතිය ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ආයෝජන මණ්ඩලයට අවසර ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ ඉදිරිපත් කළ යෝජනාවකට මෙ‍ලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

ඩිජිටල් ව්‍යාපාරික පරිසර පද්ධතියක් ඇති කිරීම පහසු කිරීම සඳහා ඩිජිටල් බැංකුකරණය, බ්ලොක්චේන් තාක්ෂණය සහ ක්‍රිප්ටොකරන්සි මයිනින් ‍ඇතුළු අවශ්‍ය අනෙකුත් සේවාවන් සැපයීම යන ක්ෂේත්‍ර ඇතුළත්ව ඒකාබද්ධ පද්ධතියක් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇතැයි අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන්ය.

දකුණු ආසියාවේ බොහෝ රටවල් එම ක්ෂේත්‍රයන් ඇගයීම හා සංවර්ධනය කිරීම දැනටමත් ආරම්භ කර ඇති අතර එම රටවල් සමඟ තරගකාරී පදනමින් කටයුතු කිරීමට හැකි වන පරිදි අවශ්‍ය පියවර ගැනීම කෙරෙහි කඩිනමින් අවධානය යොමු කළ යුතුව ඇතැයි ද එහි දැක්වේ.

ඒ අනුව, එකී ක්ෂේත්‍රයන්හි කටයුතු කරන සමාගම් වෙත ආයෝජනයන් ආකර්ශනය කර ගැනීම සඳහා අවශ්‍ය අණපනත්, නීතිරීති හා රෙගුලාසි පිළිබඳව අමාත්‍ය මණ්ඩලය වෙත අවශ්‍ය කරුණු වාර්තා කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි නිපුණ වෘත්තිකයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීමටත්, 1978 අංක 4 දරන ආයෝජන මණ්ඩල පනත සහ ඊට අදාළ සංශෝධනයන්හි විධිවිධානයන්ට යටත්ව, ක්‍රිප්ටොකරන්සි මයිනින් සමාගම්වලට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට අනුමැතිය ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ආයෝජන මණ්ඩලයට අවසර ලබා දීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනය :





About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *