‘සහල් සඳහා උපරිම සිල්ලර මිල’ ගැසට් නිවේදනය අහෝසි කරයි; සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනයටත් අවසර

සහල් ආනයනය බලපත්‍ර ක්‍රමයකට යටත් කරමින් ගැසට් නිවේදනයක්

සහල් ආනයනය බලපත්‍ර ක්‍රමයකට යටත් කරමින් ගැසට් නිවේදනයක්

සහල් වැඩි මිලට අලෙවි කරන බව පවසමින් එය වැළක්වීමේ අරමුණ ඇතිව බව පවසා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහල් මිල පාලනයට අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා. එම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කළේ මේ මස දෙවෙනිදා යි. අංක 2243/14 දරන එම අති විශේෂ ගැසට් නිවේදනයට අනුව නාඩු සහල් කි.ග්‍රැ. එකක් රු. 98ක්, සම්බා කි.ග්‍රැ. එකක් රු. 103ක් සහ කිරී සම්බා කි.ග්‍රැ. එකක් රු. 125ක් බවයි නිවේදනය කළේ. එහෙත් සිල්ලර වෙළෙඳුන් කියා සිටියේ සහල තොග අලෙවියට මිලක් නියම නොකරන නිසා වෙළඳ අමාත්‍යවරයාගේ උපරිම සිල්ලර මිලට සහල් විකිණීමට තමන්ට නොහැකි බවයි.

මේ හේතුව නිසාම කිරිපිටි, ගෑස් මෙන්ම වෙළද පළේ සහල් හිඟයක්ද ඇතිවුණා.

දැන් යලිත් ගුණවර්ධන වෙළද අමාත්‍යවරයා විසින්ම දින 25කට පසුව තමා විසින් නිවේදනය කළ ‘සහල් සඳහා උපරිම සිල්ලර මිල’ ගැසට් නිවේදනය අහෝසිකර සහල් තොග වෙළෙඳාමට සහ සිල්ලර වෙළෙඳාමට පනවා තිබූ මිල පාලනය ඉවත්කර ඇති බවයි වාර්තා වෙන්නේ. එම තීරණය (27) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගෙන ඇති බව සඳහන්. ඒ අනුව, සහල් සඳහා වූ උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුළත් ගැසට් පත්‍රය අවලංගු කර තිබෙනවා.

ඒ අතර තවත් සහල් මෙට්‍රික් ටොන් 100,000ක් මෙරටට ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැති ලබාදී තිබෙනවා. වෙළෙඳපොළේ කිසිදු කෘතීම සහල් හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා එම තීරණය ගෙන ඇති බවයි කියන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *