කාදි උසාවි ක්‍රමයේ වරදක් ඇති නම් එය ප්‍රතිසංස්කරණය කර ස්ථාපිත කළ යුතු මිස එය අහෝසි කිරීම යහපත් තීරණයක් නොවේ

කාදි උසාවි ක්‍රමයේ වරදක් ඇති නම් එය ප්‍රතිසංස්කරණය කර ස්ථාපිත කළ යුතු මිස එය අහෝසි කිරීම යහපත් තීරණයක් නොවනු ඇත; මුස්ලිම් දේශපාලන පක්ෂයන්ගේ නිහැඩියාව කණගාටුවට කාරණයක් – ඉම්රාන් මහ්රූෆ්
කාදි උසාවි ක්‍රමය අහෝසි කිරීමේ මේ වනවිට ගෙන ඇති උත්සාහය ඉස්මතු කරමින් එහි වරදක් ඇති නම් එය නිවැරදි කර ප්‍රතිසංස්කරණය කර ස්ථාපිත කළ යුතු මිස එය අහෝසි කිරීම යහපත් තීරණයක් නොවනු ඇති බව ත්‍රිකුණාමළය දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රි ඉම්රාන් මහ්රූෆ් මහතා පවසයි.
කෙසේවෙතත් කාදි උසාවිය නිෂ්ප්‍රභා කිරිම සම්බන්ධයෙන් රජයේ උත්සාහයන්ට මෙරට මුස්ලිම් දේශපාලන පක්ෂයන්හි කිසිවෙකු මේ ගැන කතා නොකරීම කණගාටුවට කාරණයක් බවත් මේ ගැනන ඔවුන්ගේ නිහැඬියාවේ හේතුව කුමක්ද කියාත් ඔහු සිය ෆේස්බුක් ගිණුමෙහි සටහන් කරමින් පවසා සිටියා.
මෙම නිහැඬියාවෙන් අදාළ පක්ෂ මෙම මතයට පක්ෂව කටයුතු කරනවදෝ යන සැකයක්ද මතු වන බවද ඔහු එහිදි වැඩිදුර සඳහන් කර සිටියා.
තවදුරටත් ඔහු, මුස්ලිම් විවාහ දික්කසාද නීතිය මෙරට ක්‍රියාත්මක වීමට පෙර සිටම මෙම කාදි උසාවි ක්‍රමය මෙරට ක්‍රියාත්මකව තිබූ නීතියක් බවද සඳහන් කර සිටියා.