රජයට එරෙහිව කුමන්ත්‍රණ කිරීමේ චෝදනා එල්ල වූ අශින් විරතු හිමි මියන්මාර් හමුදා ජුන්ටාව නිදොස් කොට නිදහස් කරයි

0
සිවිල් රජයට එරෙහිව කුමන්ත්‍රණ කිරීමේ චෝදනා එල්ල වූ අශින් විරතු හිමි මියන්මාර් හමුදා ජුන්ටාව නිදොස් කොට නිදහස් කරයි

සිවිල් රජයට එරෙහිව කුමන්ත්‍රණ කිරීමේ චෝදනා එල්ල වූ අශින් විරතු හිමි මියන්මාර් හමුදා ජුන්ටාව නිදොස් කොට නිදහස් කරයි

මියන්මාරයේ අශින් විරතු හිමි සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට එරට හමුදා ජුන්ටාව පියවර ගෙන තිබෙනවා. කෙසේ නමුත් ඊට හේතුව කුමක්ද යන්න පිළිබඳව මෙතෙක් හමුදා පාලකයන් විසින් අනාවරණය කර නොමැත.

මුස්ලිම් විරෝධී, විශේෂයෙන් මියන්මාරයේ රොහින්ග්‍යා විරෝධී, අන්ත ජාතිවාදී භික්ෂුවක ලෙස සැළකෙන විරතු හිමියන්ට සිවිල් රජයට එරෙහිව කුමන්ත්‍රණ කිරීමේ චෝදනා එල්ල වී තිබිණි. මෙම චෝදනා එල්ල කර තිබුණේ පසුගිය පෙබරවාරි මාසයේදී බලයෙන් පහ කෙරුණු ප්‍රජාතන්ත්‍රාවදී පාලනය විසිනි.

අවුන් සාන් සුචී ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ලීගයේ පාලනයට එරෙහිව විරතු හිමි ප්‍රසිද්ධියේ පෙනී සිටි අතර මිලිටරි හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. සුචී පාලනයට එරෙහිව මතු වූ අරගලවල ප්‍රධානියෙකු ලෙසද විරතු හිමි කටයුතු කළේය.

දැඩි මුස්ලිම් විරෝධී මෙන්ම මිලිටරි හිතවාදී භික්ෂුවක වන අශින් විරතු හිමි බෞද්ධ බින් ලාඩ්න් ලෙසද ඇතැමුන් හඳුන්වනවා.

පසුගිය නොවැම්බර් මාසයේදී විරතු හිමි අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ නමුත් සැඟවී පලා ගියේය. මේ වනවිට විරතු හිමි හමුදා රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com