ග්‍රාම නිලධාරීන්ගේ අදෝනාව: දැනට 5ක් මියගිහින්; 500කට කොරෝනා

ග්‍රාම නිලධාරී දීමනා ඉහළට

ග්‍රාම නිලධාරී දීමනා ඉහළට

පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ මේ වනවිට රටපුරා ග්‍රාමනිලධාරීවරුන් පන්සීයකට වැඩි පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවත් ග්‍රාමනිලධාරීවරුන් පස්දෙනෙකු මේ දක්වා කොවිඩ් ආසාදනය වී ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තා වේ.

ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එස්.ඒ. සීලමන්ආරච්චි මහතා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් මේ පිළිබඳව තොරතුරු හෙළිකර තිබේ.

එම ලිපිය මගින් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ ග්‍රාම නිලධාරිවරයෙකු එම පවුලේ සාමාජිකයන් සමග නිරෝධායනයට ලක්වුවහොත් පොදුවේ හිමිවීමට නියමිතව තිබූ රුපියල් 10000ක වියළි ආහාර මල්ල ඔවුනට තිබූ එකම සහනය වුවද එය අඩු ආදායම්ලාභී පවුල් සඳහා පමණක් ලබාදීම හේතුවෙන් ග්‍රාම නිලධාරීන්ද මේ වනවිට දැඩි පීඩාවට පත්ව ඇති බවත් දැඩි කොවිඩ් අවදානම් තත්වය හමුවේ ආර්ථික අපහසුතා මැද රාජකාරි ඉටුකරන ග්‍රාම නිලධාරීන් වෙනුවෙන් අමාත්‍යාංශ මට්ටමින් සහනයක් ලබා දීමට කටයුතු කරන ලෙසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *