ත්‍රිකුණාමලය, පුත්තලම සහ අම්පාර යන ප්‍රදේශවල කොවිඩ් මළ සිරුරු භූමිදානයට තවත් සුසාන භූමි 3ක්

ත්‍රිකුණාමලය, පුත්තලම සහ අම්පාර යන ප්‍රදේශවල කොවිඩ් මළ සිරුරු භූමිදානයට තවත් සුසාන භූමි 3ක්

ත්‍රිකුණාමලය, පුත්තලම සහ අම්පාර යන ප්‍රදේශවල කොවිඩ් මළ සිරුරු භූමිදානයට තවත් සුසාන භූමි 3ක්

කොවිඩ් සිරුරු භූමිදානය සඳහා ත්‍රිකුණාමලය, පුත්තලම සහ අම්පාර යන ප්‍රදේශවල තවත් සුසාන භූමි තුනක් සූදානම් කිරීමට කටයුතු යොදා ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසයි.

මෙයට අමතරව කොවිඩ් සිරුරු භූමිදානය කෙරෙන මඩකළපුව ඔට්ටමාවඩි සුසාන භූමියට තවත් අක්කර දෙකක පමණ භූමි ප්‍රදේශයක් යා කරමින් එය පසුගිය සතියේදී පුළුල් කළ බවද හෙතෙම සඳහන් කළේය.

අලුත් සුසාන භූමි තුන සඳහා යොදා ගන්නා භූමි ප්‍රදේශ සම්බන්ධයෙන් තාක්ෂණික කමිටුව විශේෂ කරුණු අධ්‍යයනයක් කර ගෙන යන බවත් ඔවුන් විශේෂ කරුණු ගණනාවක් එහිදී සැලකිල්ලට භාජන කිරීමට නියමිත බවත් තාක්ෂණික සේවා අධ්‍යක්ෂවරයා කීවේය.

මේ අතර මඩකළපුව ඔට්ටමාවඩි සුසාන භූමියේ කොවිඩ් සිරුරු 2264 ක් මේ දක්වා භූමිදානය කර ඇතැයි වෛද්‍ය අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කළේය.

එහි භූමිදානය කෙරුණු වැඩි පිරිසක් මුස්ලිම් භක්තිකයෝ වෙති. භූමිදානය කෙරුණු මුස්ලිම් භක්තිකයන් සංඛ්‍යාව දෙදහස් හැත්තෑවකි.

මෙයට අමතරව හින්දු භක්තිකයන් අනු අට දෙනෙකුද බෞද්ධාගමිකයන් පනස් පස් දෙනෙකු සහ කතෝලික ආගමිකයන් හතළිස් එක් දෙනෙකුද ඔට්ටමාවඩි සුසාන භූමියේ භූමිදානය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

කොවිඩ් සිරුරු භූමිදානය සඳහා මඩකලපුව ඔට්ටමාවඩි සුසාන භූමිය යොදා ගනු ලැබුවේ පසුගිය පසුගිය මාර්තු මාසයේදීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *