ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම ඊයේ සිට සැප්තැම්බර් මස 7 දක්වා

ශ්‍රී ලංකාවට හිරු මුදුන්වීම
සූර්යයා දෘෂ්‍ය ලෙස දකුණට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාවට ඉහළින් මුදුන්වීම (28) සිට ආරම්භ වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව (28) දහවල් 12.11ට සංගුපිඩ්ඩි සහ පලාලි යන ප්‍රදේශවලට ඉහළින් ඍජුවම හිරු මුදුන් වන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
හිරු මුදුන්වීම සැප්තැම්බර් මස 7 දක්වා සිදුවන අතර එම කාලසීමාව තුළ වායුගෝලීය උෂ්ණත්වය ද ඉහළ යනු ඇතැයි එම ප්‍රකාශකයා පැවසීය.