ජර්මනියේ බඩු බෙදන ඇෆ්ගන් සන්නිවේදන කටයුතු ඇමැති
 
                ජර්මනියේ බඩු බැදන ඇෆ්ගන් සන්නිවේදන කටයුතු ඇමැති
ඇෆ්ගනිස්තානය යළි තලේබාන්වරුන් අතට පත් වේවි යැයි කල්තියා බියට පත් වී, පසුගිය දෙසැම්බරයේ ජර්මනිය බලා ගිය ඇෆ්ගන් රජයේ සන්නිවේදන කටයුතු පිළිබඳ අමාත්‍ය සයීද් සදාත්, අද ජර්මනියේ ලිබ්සිග් නුවර ආහාර සහ බඩු බාහිරාදිය බෙදා හරින්නකු ලෙස රැකියාව කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇෆ්ගන් රජයේ සන්නිවේදන කටයුතු අමාත්‍ය ධුරය හෙබවූ සයීද් සදාත් එම ධුරයෙන් ඉවත් වූයේ 2018 වසරේදීය. ඉන්පසු ඔහු විදෙස්ගත වීමට වැඩි උනන්දුවක් දැක්වීය.
2020 ජනවාරියේ ඔහුට ජර්මනිය බලා පැමිණීමට අවස්ථාවක් ලැබුණු අතර, දැන් ඔහු තැඹිලි පැහැති නිල ඇඳුමින් සැරසී, පා පැදියන නැගී ලිබ්සිග් නුවර භාණ්ඩ බෙදා හරින්නකු ලෙස රැකියාව කරන්නේ මහත් සතුටින් මෙන්ම සැහැල්ලුවකිනි.
‘මගේ ඥාතීන් වැඩිය මේ රස්සාවට කැමැති නැහැ. ඒත් මේක මට හොඳ රස්සාවක්. මා බොහොම ආසාවෙන් තමයි මේ රස්සාව කරන්නේ. මා අත්විදින්නේ සැහැල්ලු ඒ වගේමයි හරිම නිදහස් ජීවිතයක්.’ යැයි 49 හැවිරිදි සයීද් සදාත් රොයිටර් පුවත් සේවය සමඟ පවසා තිබේ.
‘දේශපාලනඥයෝ දේශපාලනයෙන් සමුගත්තත් කළ යුත්තේ ජනතා සේවයයි. මා දේශපාලනය කළේ මුදල් උපයන්න නොවෙයි. ගරු නම්බු නාම වෙනුවෙන් නොවෙයි. ජනතාව වෙනුවෙන්. මේ රැකියාව හරහාත් දැන් මා කරන්නේ මාගේ සේවය ලබා දීමයි.’ යැයි සයීද් සදාත් පවසා ඇත.
සයීද් සදාත් ජර්මනියට පැමිණ සිටින්නේ ඔහුගේ දරු පවුල ද සමඟය.

 
                                             
                                             
                                             
                                         
                                         
                                         
                                        