තායිවාන ජනපතිනිය දේශීය වශයෙන් නිෂ්පාදිත “මෙඩිගන්” තායි එන්නත විද ගනියි

තායිවාන ජනපතිනිය දේශීය වශයෙන් නිෂ්පාදිත "මෙඩිගන්" තායි එන්නත විද ගනියි

තායිවාන ජනපතිනිය දේශීය වශයෙන් නිෂ්පාදිත "මෙඩිගන්" තායි එන්නත විද ගනියි

තායිවාන ජනපතිනී සායි ඉන්-වෙන්, තායිවානයේ නිෂ්පාදිත ප්‍රථම කෝවිඩ් එන්නත ලබාගත්තාය. ඒ සමගම, එය මහජනතාව වෙත ලබාදීම ද ක්‍රියාත්මක වනු ඇති. Medigen Vaccine Biologics Corp. සමාගම විසින් දේශීය වශයෙන් නිෂ්පාදනය කළ එකක් වන එය, ජූලි මාසයේදී හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාගත්තේය. එය හැඳින්වෙන්නේ මෙම සමාගමේ නමින්, එනම් “මෙඩිගන්” යනුවෙනි.

තායිවාන වෛද්‍ය සහ විද්‍යා ප්‍රජාව මෙයට මුලින් දැඩි විරෝධයක් පළ කළත් කෙසේ හෝ තායිවානයේ ඖෂධ පාලක අධිකාරිය කෙටි ක්‍රමයක් හරහා එයට අනුමැතිය ලබාදුන් බවද සඳහන්. එනම්, මෙම එන්නත සම්බන්ධයෙන් දීර්ඝ කාලීන අතුරු ආබාධ ගැන පරීක්ෂණ පවත්වා නැත. ඒ වෙනුවට ඔවුන් කර තිබෙන්නේ, මෙඩිගන් වැක්සිනය මගින් ඇස්ට්‍රා සෙනිකා එන්නත තරමටම ශරීරය තුළ ප්‍රතිදේහ නිපදවෙන බව සනාථ කිරීමයි. මෙඩිගන් වැක්සිනය, මාත්‍රා දෙකකින් ලබාදිය යුතුය.

පසුගිය සිකුරාදා දිනය වන විට තායිවානයේ මිලියන 23ක් වන ජනගහනයෙන් 40%ක් අවම වශයෙන් එක් කෝවිඩ්-19 වැක්සියක්වත් ලබාගෙන තිබිණි. පසුගිය මැයි මාසයේ පැවති 5%ක ප්‍රතිශතය සමග සසඳා බලන විට එය විශාල දියුණුවකි. තායිවානය මෙඩිගන් වැක්සිනය වෙත යන්නේ ජපානයෙන් සහ ඇමරිකාවෙන් දළ වශයෙන් වැක්සින් මාත්‍රා මිලියන 5ක් පරිත්‍යාගයක් ලෙස ලබාගැනීමේ හැකියාව තිබියදීය. මෙඩිගන් වැක්සිනයේ හොඳ-නරක පිළිබඳ සංවාදය අනාගතයට නියමිත කාරණයක් වුවත්, තායිවාන ජනපතිනියගේ අවංකකම නම් අප අගය කළ යුතුය. ලංකාවේ බහුතර ජනතාවට ලබාදෙන සයිනොෆාම් චීන වැක්සිනය, රටේ නායකයා ඇතුළු ජන නායකයන් විසින් ලබාගත් අවස්ථා ඔබ දැක තිබේද? ඒ අතින් නම්, මේ ජනපතිනියගෙන් ඉගෙන ගන්නට දෙයක් තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *