පාස්කු ප්‍රහාරයේ සත්‍ය යටපත් කිරීමට උත්සාහ ගන්නේ නම් ඔවුන් බොඳ කරන්නැයි දෙවියන් වහන්සේගෙන් ඉල්ලනවා

චැනල් 4 නාලිකාවට සහ ඒ සඳහා වෙහෙසුණු සැමට කෘත්‍යඥාතාව - කොළඹ අගරදගුරුතුමෝ
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ මතුපිටින් පෙනෙන දේට වඩා නොපෙනෙන පැත්තක් ඇති බව පෙනෙන්නේ යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ (21) පැවසූහ.
මෙම ප්‍රහාරයේ සත්‍ය යටපත් කිරීමට කවුරුන් හෝ උත්සාහ ගන්නේ නම් ඔවුන් බොඳ කර, ඔවුන්ගේ බලය අඩු කර, හෘද සාක්ෂිය වෙනුවෙන් පෙනීසිටීමේ ශක්තිය ලබා දෙන්නැයි දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටින බවද කාදිනල්තුමෝ සඳහන් කළහ.
මෙම ප්‍රහාරයේ තොරතුරු යටපත් කර අත සෝදාගන්නට මිනිසුන් උත්සාහ කළත් දෙවියන් වහන්සේ එයට ඉඩ නොදෙනු ඇතැයි කොළඹ අගරදගුරුතුමෝ කීහ.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ මේ බව පැවසුවේ පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට මාස 28ක් ගතවුවත් එයට වගකිවයුත්තන් හෙළිනොවීම සම්බන්ධයෙන් දිවයින පුරා (21) ක්‍රියාත්මක කළ විරෝධතාවයට සමගාමීව අගරදගුරු මැදුරු දෙව් මැදුරේදී පැවති විශේෂ යැදුම් මෙහෙයට එක්වෙමිනි.