ඔක්සිජන් ටොන් 100ක් රැගෙන “ශක්ති’’ දිවයිනට

ඔක්සිජන් ටොන් 100ක් රැගෙන “ශක්ති’’ දිවයිනට
ඔක්සිජන් ටොන් 100ක් රැගෙන ඉන්දියාවේ සිට ගමන් ඇරඹු ඉන්දියාවේ ශක්ති නෞකාව කොළඹ වරායට (22) පස්වරුවේ පැමිණියේය.
මේ අතර ඔක්සිජන් ටොන් 39 ක් රැගත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශක්ති නෞකාවද දිවයිනට ළඟා වෙමින් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.
ඔක්සිජන් රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශක්ති නෞකාව නාවික හමුදාපතිවරයා විසින් ඉන්දියාවට යවනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුවය. අනතුරුව නාවික හමුදාපතිවරයා ඉන්දීය නාවික හමුදාපතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව ඉන්දීය නාවික හමුදාවේ ශක්ති නෞකාවද ඔක්සිජන් ප්‍රවාහනය සඳහා ලබාදීමට එකඟ වී ඇත.
මේ අතර රෝහල්වල වැඩිවන ඔක්සිජන් ඉල්ලුම සපුරා ගැනීම සඳහා දියර ඔක්සිජන් ලබා දෙන්නැයි විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා චීනයෙන් ඉල්ලීමක් කර ඇත. ඔහු මෙම ඉල්ලීම කර ඇත්තේ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී සෙන් හොන්ග් මහතා හමුවූ අවස්ථාවේදීය.
ඔක්සිජන් අවශ්‍ය රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යෑම නිසා රෝහල්වල ඔක්සිජන් හිඟය උග්‍ර අතට හැරී ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.