ඇෆ්ගනිස්ථානයේ ලංකිකයන් 93ක් සිටියි – ඇෆ්ඝනිස්ථානයේ ශ්‍රී ලංකා තානාපති

ඇෆ්ගනිස්ථානයේ ලංකිකයන් 93ක් සිටියි - ඇෆ්ඝනිස්ථානයේ ශ්‍රී ලංකා තානාපති

ඇෆ්ගනිස්ථානයේ ලංකිකයන් 93ක් සිටියි - ඇෆ්ඝනිස්ථානයේ ශ්‍රී ලංකා තානාපති

ගැටුම් පවතින ඇෆ්ඝනිස්ථානය තුළ ලාංකිකයින් 93 දෙනෙකු පමණ සිටින බවට කරුණු තහවුරු වී ඇතැයි ඇෆ්ඝනිස්ථානයේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් පියල් ද සිල්වා මහතා පවසයි.

මීට පෙර එරට සිට ලාංකික ශ්‍රමිකයින් පිරිස 43 දෙනෙකු බව පැවසුනද, පවතින තත්ත්වය හමුවේ ලාංකික 93 දෙනකු මේවන විට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හමුවේ ලියාපදිංචි වී සිටින බවද තානාපතිවරයා සදහන් කළේය.

මෙම පිරිසෙන් 35 දෙනකු පමණ මේවන විට ඔවුන් සේවය කරන එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන හරහා වෙනත් රාජ්‍යයන් කරා ගොස් නැවත ලංකාව වෙත පැමිණෙමින් සිටින බවද පියල් ද සිල්වා මහතා වැඩිදුරටත් කීවේය.

ඇෆ්ඝනිස්ථානයේ පවතින තත්ත්වය පිළිබද අදහස් දැක්වූ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් පියල් ද සිල්වා මහතා මෙසේද පැවසීය.

”ලාංකිකයින් එරටින් මුදා ගැනීමේ කටයුතු රජයේ, විදේශ අමාත්‍යාංශය, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ උපදෙස් මත ඇ‍ෆ්ගනිස්ථානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සළසා ගැනීමට ජාත්‍යන්තර හවුල්කරුවන් සමග කටයුතු කිරීමට ආරම්භ කරනු ලැබුවා.

ආරංචි ලැබෙන විදියට තලේබාන්වරුන් සියලුම රාජ්‍යතාන්ත්‍රිකයින්ට සුපුරුදු පරිදි රාජකාරී කරන ලෙස දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් එරට තුළ පවතින තත්ත්වයන් අපි දිගින් දිගටම නිරීක්ෂණ කරමින් සිටිනවා සේම රජයේ අනුමැතිය යටතේ නැවත ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් රාජකාරී කිරීමට මා බැදී සිටිනවා, එතෙක් ලංකාවේ සිටිය තානාපති ධූරයේ නීසි වගකීම ඉටු කිරීමට බැදී සිටින බවද ඇෆ්ඝනිස්ථානයේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් පියල් ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටයේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *