ගෑස් හිඟයත් එක්ක දර මිටිත් ‘ඔන්ලයින්’ ක්රමයට, ශීඝ්ර ඉල්ලුමක්

දර කැපීමට ගිය පුද්ගලයින් 100 කට අධික පිරිසක් අත්අඩංගුවට
රට තුළ මතුව ඇති ගෑස් හිඟයත් සමග ඉතිහාසයේ පළමු වතාවට දර මිටි පවා ඔන්ලයින් ක්රමයට විකිණීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව මේ දිනවල දර මිටිවලට ශීඝ්ර ඉල්ලුමක් ඇති වී තිබෙන බව ඔන්ලයින් ක්රමයට භාණ්ඩ සපයන වෙබ් අඩවි හිමිකරුවෝ පෙන්වා දෙති.
ඔවුන් පෙන්වා දෙන්නේ ඔන්ලයින් ක්රමයට දර විකිණීමට සිදුවනු ඇති බවක් තමන් කිසිදු දිනෙක නොසිතූ බවත්, දර මිටි ඉතා ශීඝ්රයෙන් විකිණෙන බවත්ය. එම වෙබ් අඩවියට අනුව කුරුඳු දර කිලෝග්රෑම් 5ක මිටියක් රු. 140කටද, මැටිවලින් සාදන ලද උදුනක් සහ කිලෝග්රෑම් 5ක දර මිටියක් රු. 390කටද විකිණීමට කටයුතු කොට ඇත.