ඇෆ්ගනිස්තානය මින් ඉදිරියට ප්‍රහාර දියත් කරන භූමියක් ලෙස භාවිත කිරීමට ඉඩ දෙන්නේ නෑ – තලෙයිබාන්
 
                ඇෆ්ගනිස්තානයෙන් ලෝකයට එල්ල වන තර්ජන වලක්වන්න නම් අපිව පිළිගන්න - තලේබාන් සංවිධානය
ඇෆ්ගනිස්තාන භූමිය මින් ඉදිරියට කිසිවෙකුට හෝ වෙනත් රටකට එරෙහි ප්‍රහාර දියත් කරන භූමියක් ලෙස භාවිත කිරීමට ඉඩ ලබා නොදෙන බව තලෙයිබාන් සංවිධානය පවසනවා.
ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කර ගැනීමෙන් පසු එම සංවිධානය කාබුල් අගනුවරදී පැවැත්වූ පළමු නිළ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් තලෙයිබාන් සංවිධානයේ ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් මේ බව කියා සිටියා. තම සංවිධානයට අභ්‍යන්තර හෝ බාහිර සතුරන් අවශ්‍ය නොවන බවයි තලෙයිබාන් ප්‍රකාශකයා එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ.
විදෙස් රටවල් සමඟ සබඳතා ගොඩනගා ගැනීමට සූදානම් බවද ඔහු එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබෙනවා. ඉස්ලාම් රාමුව තුළ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන බව තලෙයිබාන් සංවිධානයේ ප්‍රකාශකවරයා එම මාධ්‍ය හමුවේදී අවධාරණය කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

 
                                             
                                             
                                             
                                         
                                         
                                         
                                        