පෙරහැර අස්සේ බස්නායක නිලමේගේ සහ ඔහුගේ ලේකම්ගේ වාහනවලට ඇසිඩ් ප්‍රහාරයක්

පෙරහැර අස්සේ බස්නායක නිලමේගේ සහ ඔහුගේ ලේකම්ගේ වාහනවලට ඇසිඩ් ප්‍රහාරයක්
ශ්‍රී දළදා පෙරහර ආරම්භ කරමින් පැවැති කුඹල් පෙරහර අතරතුරදී නාථ දේවාලයේ බස්නායක නිලමේවරයා වූ ගයාන් හීන්කෙන්ද මහතාගේ සහ ඔහුගේ ලේකම්වරයා වූ දීඝායු අබේරත්න මහතාගේ වාහනවලට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.
නාථ දේවාල පරිශ්‍රයේ මෙම වාහන නවත්වා තිබී ඇති අතර ඇසිඩ් ප්‍රහාරයෙන් වාහනවලට සුලු හානි සිදුව ඇති බව දැනගන්නට ඇත.
සතර දේවාලයේ බස්නායක නිලමේවරුන් අතර කලක් තිස්සේ පවතින විරසකය මීට හේතු වී ඇති බව වාර්තා වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කොට තිබේ.