මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 5,000 සීමාව ඉක්මවයි

ප්‍රභූ පන්තියේ 80ක් කොරෝනාවට බිලි, ආසාදනයවූවන් 300කට ආසන්නයි, මැති ඇමැතිවරුන් සංඛ්‍යාව 27ක්
මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 5,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව වාර්තා වෙයි
ඒ 06වන දින කොවිඩ් මරණ 98ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් 07වන දින තහවුරු කිරීමත් සමගය.
ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 5,017ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එම කොවිඩ් මරණ 98න් 51 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 47දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.