ඇෆ්ගනිස්ථානයේ සියළුම ප්‍රධාන නගරයන් තලෙයිබාන් ගරිල්ලන් අතට

ඇෆ්ගනිස්ථානයේ සියළුම ප්‍රධාන නගරයන් තලෙයිබාන් ගරිල්ලන් අතට

ඇෆ්ගනිස්ථානයේ සියළුම ප්‍රධාන නගරයන් තලෙයිබාන් ගරිල්ලන් අතට

ඇෆ්ගනිස්ථාන් තලෙයිබාන් ගරිල්ලන්ට ජාත්‍යන්තර නීතිය තුල belligerent නැමැති සහතිකය ලබා දෙනු ලැබුවේ ඇෆ්ගන් රජය නොමැතිව ඇමරිකාව විසින් ගරිල්ලන් සමග 2020 දී දෝහා වලදී සටන් විරාම ගිවිසුමක් අත්සන් කරමිනි. එතැන් සිට ඇෆ්ගන් ඉස්ලාම් කැරලිකරුවන් සටන්කාමීන් බවට පත් වූ අතර ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වූ තම සිරකරුවන් 5000ක් නිදහස් කිරීම හා නේටෝ භටයින් සියලු දෙනා ජුලි මස අගභාගය වන විට ඉවත් කර ගැනීමටද එහිදී ඇමරිකාව එකඟ විණි. එහිදී ඇෆ්ගන් ජනාධිපති Ashraf Ghani, ඇමරිකාවට තම විරෝධය පලකරනු ලැබුවේ ඉස්ලාම් අන්තවාදය ඉදිරියේ තම නිත්‍යානුකුල රජය පාවා දීමක් ලෙස සලකමිනි. තලෙයිබාන් ගරිල්ලන් තම බලය මෙසේ රට පුරා ජාත්‍යන්තරය තුල වර්ධනය කරමින් සිටින විට චීනය, රුසියාව, මහා බ්‍රිතාන්‍යය පැවසුවේ නව තලෙයිබාන් රජය සමග රාජතාන්ත්‍රික සම්බන්ධතා ඇතිකර ගැනීමට අපේක්ෂා කරනු ලබන බවයි. වසර 20 ක් පුරා තමන් ආරක්ෂා කරමින් ගොඩ නැගු ඇෆ්ගන් රජය අතහැර දැමීම පිළිබඳව ලොව පුරා ඇති වූ පීඩනය මත ඇමරිකාව ඇෆ්ගන් රජයේ සහයට නැවතත් ගුවන් ප්‍රහාර ත්‍රිව කරමින් සහය දීමට ඉදිරිපත්ව ඇත.

සියළු අධිරාජ්‍යවාදීන්ගේ අපාය ලෙස සැලකෙන ඇෆ්ගන් බිමේ මේ වනවිට 60%-70% අතර ප්‍රමාණයක තම බලය තහවුරු කර ගැනීමට තලෙයිබාන් ගරිල්ලන් සමත් වී ඇත. ඒ අතර දිනෙන් දින ඇෆ්ගන් හමුදා සාමාජිකයින් ගරිල්ලන් සමග එක්වීම හෝ අසල්වැසි රටවල් වෙතට පලා යමින් සිටිති. පසුගිය හජ් වන්දනාව ඇෆ්ගන් රජයේ නියෝජිතයින් සමරමින් සිටින අවස්ථාවේදී එම අවට ප්‍රදේශයට පවා ප්‍රහාරයක් එල්ල කිරීමට සමත් වීම තුල ඔවුන් කෙතරම් පීඩනයක් ඇෆ්ගන් රජයට එල්ලකරනු ලබන බවට පැහැදිලි වී ඇත.

කිසියම් ආයුධ සන්නද්ධ කණ්ඩායමක් නිශ්චිත බිම් ප්‍රමාණයක්, ජනතාවක් තමන් යට‍තේ තබා ගනිමින් , පරිපාලනයක්, ආරක්ෂක ජාලාවක් පවත්වා ගැනීමට හා රාජතාන්ත්‍රික මට්ටමේ යම් සහතිකයක් ලබා ගැනීමට සමත් වේ නම් ඔවුන් එජා සංවිධානයේ කොන්දේසි සපුරමින් belligerent තත්වය ලබා ගැනීමට සුදුසුකම් ලබති. ඇමරිකාව දෝහා ගිවිසුම මගින් ඇෆ්ගන් ගරිල්ලන්ට ලබාදුන්නේ මෙම සහතිකය වන අතර මෙම වසරේ ජුලි 14 වැනිදා මහා බ්‍රිතාන්‍ය ආරක්ෂක ඇමති Ben Wallace විසින් ප්‍රකාශයක් කරමින් නව තලිබාන් රජය සමග රාජතාන්ත්‍රික සම්බන්ධතා තරකර ගැනීමට තමන් සුදානම් යයි පැවසීමෙන් මෙම පිලිගැනීම තවදුරටත් සම්පුර්ණ කර ඇත. සටන් විරාම ගිවිසුම මගින් හා PTOM මගින් එදා කොටි සංවිධානය ශ්‍රීලංකා රජයෙන් හා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේද මෙවැනි දෙයකි.

එජා සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන සාමාජිකයෙකු හා නේටෝ නායකයෙකු වන මහා බ්‍රිතාන්‍යය විසින් සිදුකරන ලද මෙම පිළිගැනීමත් සමග දෝහා නුවර සිටින ඇෆ්ගන් තලෙයිබාන් නායකයින් සමග රුසියාව හා චීනයද දිවිපාර්ශ්වික සාකච්ඡා ආරම්හ කරනු ලැබිණි. එහිදී චීන විදේශ ඇමති Wang Yi ජුලි 30 වැනිදා මාධ්‍ය අමතා ප්‍රකාශ කරනු ලැබුවේ තලෙයිබාන් ගරිල්ලන් ඇෆ්ගනිස්ථානයේ “තීරණාත්මක දේශපාලන හා හමුදා කණ්ඩායමක්” ලෙස පිළිගන්නා බවයි. ඒ අතර ජුලි 9 වැනිදා තලෙයිබාන් කණ්ඩායමක් රුසියාවේ සංචාරය කරමින් රුසියාවේ දේශසීමාවන්ට හසුවන රාජ්‍යයන් වන Tadjikistan හා Ouzbékistan හි ඉස්ලාම් ත්‍රස්ත්‍රවාදීන්ට සහය නොදෙන බවට ක්‍රෙම්ලීන් පාලකයන්ට සහතිකයක් ලබාදෙන ලදී. තලෙයිබාන් ගරිල්ලන් මේ ආකාරයට රුසියාව, චීනය හා ඉරානය සමග රාජතාන්ත්‍රික සම්බන්ධතා තර කර ගැනීමත් සමග බටහිර හා ඇමරිකානු පාලනයන් එයට ප්‍රතිචාර දක්වනුයේ තලෙයිබාන් ගරිල්ලන්ට ත්‍රස්ත්‍රවාදී ලේබලය අලවමින් ඔවුන්ට මානව අයිතිවාසිකම්, ස්ත්‍රී අයිතිවාසිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝණය කිරීම් ඉදිරිපත් කරමිනි.

එහි නවතම සිදුවීම වුයේ ජුලි 14 වැනිදා පකිස්තාන් හා ඇෆ්ගනිස්ථාන දේශ සිමා තුලදී චීන ඉංජිනේරුවන් 9 දෙනෙකු අභිරහස් ප්‍රහාරයකින් මරා දැමීමත් සමගිනි. අගෝස්තු 4 වැනිදා බ්‍රිතාන්‍යය ඇමරිකාව තලෙයිබාන් ගරිල්ලන් විසින් Spin Boldak ග්‍රාමයේදී සිවිල් වැසියන් 40 දෙනෙකු මරා දැමු බවට චෝදනා කරනු ලැබීය. ඒ අතර ඇමරිකන් හමුදාවන්ට විවිධ අයුරින් සහය දුන් ඇෆ්ගන් වැසියන් 20,000ක් ඇමරිකාවේ දේශපාලන රැකවරණ ඉල්ලා ඇතත් මේ දක්වා එම අයිතිය ලබා දී ඇත්තේ 2500කට පමණි. මේ අතර තලිබාන් ගරිල්ලන් තම ප්‍රහාරයන් ත්‍රිව කරමින් පසුගියදා ඇෆ්ගන් ආරක්ෂා ඇමතිවරයා ඉලක්ක කරමින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන ලදී. පසුගිය 3 වැනිදා යුරෝපා සංගමය කැරලිකරුවන් ගෙන් ඉල්ලා සිටිනු ලැබුවේ සටන් විරාමයකට එකඟ වන ලෙසය. එහෙත් බිහිකරන රජයේ සමාන තත්වයක් තලෙයිබාන්වරුන් ඉල්ලා සිටිති.

එදා ශ්‍රී ලංකාවේ බෙදුම්වාදීන්ට සහය පළකරමින් ඔවුන් අතින්ම මිය යාමට සිදුවූ ඉන්දියන් රජීව් ගාන්ධිට මෙන් ඇමරිකාව හා බටහිර විසින් කවා පොවා ඇති දැඩි කල තලෙයිබාන් ගරිල්ලන් ඔවුන්ට එරෙහිව ඉරාන පන්නයේ රජයක් පිහිටුවීමට දින සකස් කරමින් සිටි. ඒ අතර තමන්ට උදව් කල ඇෆ්ගන් රජයේ නියෝජිතයින් හා පුද්ගලයින් ඇෆ්ගන් තලෙයිබාන්වරුන්ගේ අතට පත්වීමට සැලැස්වීමෙන් ඇමරිකාවේ දෙබඩි පිළිවෙත හෙළිවන අතර ඇමරිකාවේ දිරච්ච ලණු කෑමට අපේක්ෂා කරනු ලබන සියළු පාර්ශ්වයන්ට මෙමගින් එයතිහාසික පාඩමක් උගන්වා ඇතැයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *