රටේ සෞඛ්‍ය පද්ධතිය සහ රෝහල් පද්ධතිය බරපතළ අවදානමක – සජිත් ප්‍රේමදාස

අංග සම්පූර්ණ 21 වෙනුවට රාජපක්ෂලා සනසන ව්‍යවස්ථා සංශෝධනයක් සදහා ආණ්ඩුව කුමන්ත්‍රණයක - සජිත්
රටේ සෞඛ්‍ය පද්ධතිය සහ රෝහල් පද්ධතිය බරපතළ අවදානමකට ලක්ව ඇති බවත් මේ හේතු කොට ගෙන කොරෝනා රෝගීන් ඇතුළු බොහෝ රෝගීන් දැඩි පීඩනයකට සහ අසීරුතාවකට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා (04) පැවසීය.
නපුරු ඉරණමක අවදානම පෙනි පෙනීත් ආණ්ඩුව වගකීම් විරහිත ලෙස හැසිරෙන බව පැවසූ විපක්ෂ නායකවරයා, කොරෝනා රෙගුලාසි ඉවත් කිරීමෙන් මුළු රටම බරපතළ අනතුරකට යොමු කොට ඇති බවද පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ විපක්ෂයෙන් හුස්මක් වැඩසටහන මඟින් යාපනය ශික්ෂණ රෝහලට අත්‍යවශ්‍ය රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමට එක් වෙමිනි.