පරාජිත අපේක්ෂකයන්ට තනතුරු නොදීමේ ජනපති තීරණයත් කුණු කුඩේට

මගෙනුත් අඩුපාඩු වෙන්න ඇති, ස්වයං විවේචනයක් තුළ එකතුවෙලා වැඩ කරමු; මට අත්දැකීම් අඩුයි, අගමැති වැඩිපුර මැදිහත් විය යුතුයි - ජනපති
පසුගිය මහ මැතිවරණයේදී පාරජිත අපේක්ෂකයන්ට රජයේ තනතුරු නොදීමට ජනාධිපතිවරයා ගෙන තිබූ තීරණය මේවනවිට හකුලා ගෙන ඇතැයි වාර්තා වේ. මේ අනුව පරාජිත අපේක්ෂකයන් රාජ්‍ය ආයතනවල සභාපති තනතුරුවලට පත්කර තිබේ.
ඒ අතර කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කළ අනුර ප්‍රනාන්දු සී බෑන්ක් සභාපති ධුරයටද අම්පාර දිස්ත්‍රික්කයෙන් තරඟ වැදී පරාජයට පත් වූ කීර්ති ශ්‍රී වීරසිංහ පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ධුරයටද පත්ව ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඇමතිවරු පිරිසකට පමණක් එවැනි පරාජිතයන්ට තනතුරු දීමට ඉඩ දී ඇත්නම් තමන්ටද එම ඉඩ ලබා දෙන ලෙස තවත් ඇමතිවරු පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට සුදානමින් සිටින බවද වාර්තා වේ.
මේ අතර පසුගිය මහ මැතිවරණයේදී මාතර දිස්ත්‍රීක්කයෙන් තරඟ කර පරාජයට පත්වූ ලක්ෂ්මන් යාපා අබේවර්ධනට ආණ්ඩුකාර ධුරයක් පිරිනැමීමට නියමිත බවද වාර්තාවේ.
මෙම පුවත මේ වනවිට වත්මන් ආණ්ඩුවට හිතවත් පුවත් වෙබ් අඩවිවල පවා වාර්තා කර තිබේ.
– leader