කොළඹ වරාය අසළ තවත් ඉඩම් අක්කර 13ක් චීනයට – අනුමැතිය සදහා කැබිනට් රැස්වීමට

2022 වසරේ දකුණු ආසියාවේ ඉහළම කාර්ය සාධනයක් ඇති වරාය බවට කොළඹ වරාය
කොළඹ වරාය අසළ තවත් ඉඩම් අක්කර 13ක් චීනයට ලබාදීමට ආණ්ඩුව සූදානම් වේ.
චීනයට අයත් CICT සමාගම විසින් විවිධ සේවා සැපයුම් කටයුතු සඳහා මධ්‍යස්ථානයක් පිහිටුවීමේ ව්‍යාපෘතියක් සඳහා මෙම ඉඩම ආණ්ඩුවෙන් ඉල්ලා ඇති අතර ඊට අනුමැතිය ලබාගැනීමට අදාළ කැබිනට් පත්‍රිකාව (26) පැවති කැබිනට් රැස්වීමට වරාය හා නාවික ඇමති රෝහිත අබේගුණවර්ධන විසින් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව මෙම ඉඩම් ලබාදීමට නියමිතව ඇත්තේ කොළඹ දකුණු වරායට අයත් බැටන්බර්ග් ප්‍රදේශයෙන් සහ බ්ලූමැන්ඩල් ප්‍රදේශයෙනි.
මෙහි වසර 35ක කාලයක් සඳහා යෝජිත ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමිවන්නේ 15%ක කොටසක් පමණි.