Type to search

සෞඛ්‍ය නීති කඩකරමින් මංගල උත්සව පවත්වන පුද්ගලයන් සහ මංගල උත්සව ශාලා හිමිකරුවන්ට නඩු

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

සෞඛ්‍ය නීති කඩකරමින් මංගල උත්සව පවත්වන පුද්ගලයන් සහ මංගල උත්සව ශාලා හිමිකරුවන්ට එරෙහිව නිරෝධායන පනත යටතේ නඩු පවරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

රට පුරා සියලුම මංගල උත්සව (23) සිට පරීක්ෂාවට ලක් කරන බවද හෙතෙම සඳහන් කළේය.

සෞඛ්‍ය උපදෙස් කඩ කරමින් විවාහ මංගල්‍ය උත්සව පවත්වන බවට ඡායාරූපද සමග ලැබුණු තොරතුරු අනුව රටපුරා මංගල උත්සව රාශියක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පසුගිය දිනවල පරික්ෂා කළ බවත් එම උත්සව නිසි සෞඛ්‍යය පිළිවෙත් අනුව පවත්වාගෙන ගොස් නොතිබූ බව ඒ පරීක්ෂාවන්හිදී පෙනී ගිය බවත් හෙතෙම සඳහන් කළේය .

මේ ආකාරයට මංගල උත්සව පැවැත්වුවහොත් ඒ උත්සව ආශ්‍රිතව කොවිඩ් පොකුරු ඇතිවිය හැකි බවත් ඔහු කීය.

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *