කටාර්හි ශ්‍රී ලාංකික ප්‍රජාව හා තානාපති කාර්යාලයෙන් ඔක්සිජන් සිලින්ඩර් පරිත්‍යාගයක්

කටාර්හි ශ්‍රී ලාංකික ප්‍රජාව හා කටාර් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ඔක්සිජන් සිලින්ඩර් 85ක පරිත්‍යාගයක්
රජයේ රෝහල් වෙත බෙදා හැරීම සදහා කටාරයේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව හා කටාරයේ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙරටට වෛද්‍ය ඔක්සිජන් සිලින්ඩර 85ක් පරිත්‍යාග කළ බව එම තානාපති කාර්යාලය කියා සිටී.
තානාපති කාර්යාලය විසින් පහසුකම් සපයන ලද වෛද්‍ය ආධාර සහිත සිව්වැනි ගුවන් භාණ්ඩ තොගය මෙය වන අතර මෙම ඔක්සිජන් සිලින්ඩර තොගය මේ වනවිට විදේශ අමාත්‍යාංශයට භාර දෙන ලද කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීමට ශ්‍රී ලංකා රජය දරණ ප්‍රයත්නයන්ට සහාය දැක්වීමක් ලෙස ලබා දුන් මෙම පරිත්‍යාග සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ධාරිතාවය ශක්තිමත් කිරීම සඳහා රජයේ රෝහල් අතර බෙදා හැරෙනු ඇතැයිද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
රටේ පවතින බරපතල තත්ත්වය සම්බන්ධයෙන් කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති එම්. මෆාස් මොහිදීන් මහතා ලාංකික ප්‍රජාව හමුවේ කරන ලද හදිසි ඉල්ලීමකින් පසුව මෙම පියවර ගන්නා ලදි.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මගපෙන්වීම මත, දෝහා හි පිහිටි ශ්‍රී ලාංකික විධිමත් හා අවිධිමත් සංගම් 20කට අධික සංඛ්‍යාවක් සහ ලුලු සමූහය සහ කටාර්හි වටාඩ් සමූහය පසුගිය මාස දෙකක කාලය තුළදී ඔක්සිජන් සිලින්ඩර 460 ක්, ස්පන්දන ඔක්සිමීටර 22 ක් සහ ඔක්සිජන් නියාමන උපකරණ 10 ක් ශ්‍රී ලංකා සෞඛ්‍ය අංශයට ලබා දීමට සහ “ඉටුකම – කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල” වෙත කටාර් රියාල් 5,000/- ක මුදලක් ලබා දී ඇත.