බදියුදීන්ගේ නිවෙසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී ගිනි ඇවිලී මියගිය බාලවයස්කාර දැරියගේ පරීක්ශණ තව දුරටත්

බදියුදීන්ගේ නිවෙසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී ගිනි ඇවිලී මියගිය බාලවයස්කාර දැරියගේ පරීක්ශණ තව දුරටත්

බදියුදීන්ගේ නිවෙසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී ගිනි ඇවිලී මියගිය බාලවයස්කාර දැරියගේ පරීක්ශණ තව දුරටත්

අත්අඩංගුවේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවෙසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිනි ඇවිලී මියගිය බාලවයස්කාර දැරිය කාලාන්තරයක් තිස්සේ ලිංගික අතවරයට ලක්ව සිටි බවට අධිකරණ වෛද්‍ය වාර්තාවේ සඳහන්ව ඇතැයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවේ බොරැල්ල පොලීසිය පවසනවා. මේ බව පොලිසිය විසින් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවේ සඳහන්ව තිබෙන බවයි කියන්නේ.

විශේෂඥ අධිකරණ වෛද්‍ය එම්. එන්. රුහුල් හක් මහතාගේ අත්සනින් යුතුව එම වෛද්‍ය වාර්තාව බොරැල්ල පොලීසිය විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා. මරණයට පත්වූ දැරිය අඩන්තේට්ටම්, පහරදීම් ආදියට ලක්ව නොමැති අතර, සිරුරට ගිනි ඇවිලීමෙන් මතුපිට සම 72% කට වඩා වැඩි ප‍්‍රමාණයක් පිළිස්සී විනාශ වී ඇති බව ද එම වෛද්‍ය වාර්තාවේ ඇතුළත්.

මෙම දැරිය ගර්භණීභාවයෙන් තොරව කාලාන්තරයක් තිස්සේ ලිංගික අතවරයට පත්ව ඇති බවද එම වාර්තාවේ වැඩිදුරටත් දක්වා තිබෙනවා. දැරිය මියගොස් ඇත්තේ ගින්නෙන් ඇතිවූ බාහිර පිළිස්සීම් තුවාල විෂබීජ ආසාදනයක් හේතුවෙන් හටගත් කම්පනයෙන් බවද අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සිය වාර්තාවේ සඳහන් කරනවා.

දුරකතන වාර්තා 06ක්, දැරිය ප‍්‍රතිකාර ලැබූ කොළඹ ජාතික රොහලේ ඇඳ ඉහපත් අංකයට අදාළ වාර්තාවන් සහ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ පාර්ශ්වයෙන් දැරියගේ ගිණුමට මුදල් ලබාදුන් බැංකු වාර්තා ලබා ගැනීම සඳහා පොලිසිය කළ ඉල්ලීමට අධිකරණයේ අවසරය ලැබී තිබුණා. 16 හැවිරිදි දැරිය මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ ඇතුළු සිව් දෙනෙකුගේ දුරකථන සංවාද විශ්ලේෂණ වාර්තා වහාම බොරැල්ල පොලීසියට ලබාදෙන ලෙස අධිකරණය නියෝග කළා.

බොරැල්ල පොලීසිය මෝසමක් මගින් කළ ඉල්ලීමකට අනූව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය (19) දින එම නියෝගය නිකුත් කර තිබුණා.

මෙම දැරිය හැටන් ප්‍රදේශයේ සිට රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසට රැගෙන ආ පුද්ගලයාගේ බැංකු ගිණුම් වාර්තා ද බොරැල්ල පොලීසියට ලබාදෙන ලෙසට රාජ්‍ය හා පෞද්ගලික බැංකු ආයතන කිහිපයකටත් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය විසින් නියෝග කළ බවයි වාර්තා වෙන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *