විදේශ සේවා කාර්යාංශයටත් හමුදා නිලධාරියෙක්: නව සභාපතිවරයා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ

විදේශ සේවා කාර්යාංශයටත් හමුදා නිලධාරියෙක්: නව සභාපතිවරයා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නව සභාපතිවරයා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ පත්කර තිබේ. ඒ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති ලෙස කටයුතු කළ කමල් රත්වත්තේ මිය යාමෙන් පසු ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහාය.
විශ්‍රාමික මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මීට පෙර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සාමාන්‍යාධිකාරි ලෙස කටයුතු කර තිබේ.
විශ්‍රාමික මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ සිය පත්වීම විදේශ රැකියා රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න අතින් ජූලි 08 දා ලබාගෙන තිබේ.