ඕනෑම මොහොතක අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් – රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර
 
                අවශ්‍ය නම් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තමා සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් බතික්, අභ්‍යන්තර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ කාර්යාලයේදී ඉකුත් අඟහරුවාදා රැස්වූ අවස්ථාවේ ඇතිවූ සංවාදයක් අතර තුරදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට තිබේ.
දයාසිරි ජයසේකර මහතා ආණ්ඩුවේ ක්‍රියාකලාපය විවේචනය කරමින් ඉකුත් දා කළ ප්‍රකාශය සුදුසු නොවන බව මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී වු රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනකු ප්‍රකාශ කර ඇත
ආණ්ඩුවේ සිටිමින් එවැනි ප්‍රකාශ කිරීම අනුමත කළ නොහැකි බව ඔවුන් ප්‍රකාශ කර ඇති අතර ,ඊට පිළිතුරු දී ඇති දයාසිරි ජයසේකර මහතා තමා අවශ්‍ය නම් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව පවසා ඇත .
තමාට රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වි පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ හැකි බව ද ජයසේකර මහතා එහිදී ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට තිබේ .
එහෙත් ඔහු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි එම සාකච්ඡාවට සහභාගී වූ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එදින පස්වරුවේ පැවති පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇතැයි වාර්තා වෙි.

 
                                             
                                             
                                             
                                         
                                         
                                         
                                        