නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරුන්ට කුඩම්මගෙ සැලකිලි – මහින්ද අමරවීර

ගොවීන්ට කරපු අසාධාරණය නිසයි මේ ශාපය; ඩොලර් එවන්නේ නැත්තේ ඩොලර්වලිනුත් හොරකම් කරයි කියලා - මහින්ද අමරවීර

ගොවීන්ට කරපු අසාධාරණය නිසයි මේ ශාපය; ඩොලර් එවන්නේ නැත්තේ ඩොලර්වලිනුත් හොරකම් කරයි කියලා - මහින්ද අමරවීර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරුන්ට ඇතැම් ඇමැතිවරුන්ගෙන් හා ප්‍රාදේශීය දේශපාලඥයන්ගෙන් කෙනෙහිලිකම් සිදුවන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.

ඒ ගැටලුකාරී තත්වය සම්බන්ධයෙන් පක්ෂයේ නායකයන් සාකච්ඡා කරමින් සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවෙන් යම් යම් මදිපුංචිකම්ද සිදුවී ඇතැයි පැවසූ අමරවීර මහතා ජනාධිපති වරයා හා හා අගමැතිවරයා ඉදිරියේදී මුණගැසී රට ඉදිරියට ගෙන යා හැකි පක්ෂයේ යෝජනාවලිය බාර දෙන බවද ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මේ අවස්ථාවේදී පක්ෂයක් හැටියට මිස කිසිවකු පෞද්ගලික තීරණ නොගන්නා බවද ඔහු පැවසුවේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *