ත්‍රස්ත මර්දන පනත සිංහල ජනතාව මත ද ක්‍රියාත්මක විය හැකියි

ත්‍රස්ත මර්දන පනත සිංහල ජනතාව මත ද ක්‍රියාත්මක විය හැකියි

ත්‍රස්ත මර්දන පනත සිංහල ජනතාව මත ද ක්‍රියාත්මක විය හැකියි

ද්‍රවිඩ ජනතාවට විරුද්ධව මර්දන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමේ අදහසින් ත්‍රස්තවාදී මර්දන පනත ගෙන ආවත් අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරයෙන් පසු මුස්ලිම් ජනතාව ද එම පනත අනුව අත්අඩංගුවට ගනිමින් පවතී.

මෙම තත්ත්වය යටතේ ඉදිරි කාලයේදී සිංහල ජනතාවද මෙම පනතින් අත්අඩංගුවට පත්වීමේ හැකියාවක් තිබේ. එම නිසා ශ්‍රී ලාංකිකයින් ලෙස සියළුම ජනතාව එකට එක් වී එකමුතුව කටයුතු කළ යුතු යැයි ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. චානක්‍යන් මහතා ඉල්ලීමක් කළේය.

ජාත්‍යන්තර හිංසාවට පත් වූවන්ගේ දිනය ඊයේ දින (සෙනසුරාදා) සැමරූ මොහොතේ එය මුල් කරගෙන වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට එය සිහි කිරීමේ අදහසින් මෙය පැවැත්විය.

සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වූ සංවිධානය මගින් සිදු කරන ලද සංකේත උද්ඝෝෂණයට සහභාගී වී ඔහු මාධ්‍ය වෙත තව දුරටත් කරනු දැක්වීය.

ජාත්‍යන්තර හිංසා දිනය සැමරුම මුල් කරගෙන සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමේ සංවිධානය විසින් සංවිධානය කර ඇති සංකේත උද්ඝෝෂණයට ඔහු සුභ පැතුවේය.

මෙම තත්ත්වය මත වර්ෂ ගණනාවක් සිර කර ගෙන ඇති සහ බන්ධනාගාරගත කරගෙන ඇති අය ඝාතනයට ලක් කර තිබේ. එමෙන්ම රජ කාලයේ දුන් දඬුවම් මෙම කාලයට ගැළපේද යන්න අප සිතා බැලිය යුතුයි.

ද්‍රවිඩ දේශපාලන සිරකරුවන්ට පොදු සමාව ලබා දීම පිළිබඳ සතුටට පත් වුවත් සියළු ද්‍රවිඩ දේශපාලන සිරකරුවන් සහ අනෙකුත් දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසද ඉල්ලා සිටිමු.

දේශපාලන සිරකරුවන් තම පෞද්ගලික අවශ්‍යතා සඳහා කිසිඳු නීති විරෝධී ක්‍රියාවක් සැලසුම් සහගත ලෙස නොකළේය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඝාතනය කර ඒ සඳහා මරණ දඬුවමට ලක්ව සිරගතව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති පොදු සමාව ලබා දී තිබේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මරණ දණ්ඩනය හිමි වූ සිරකරුවෙකුට පොදු සමාව ලබා දී තිබිණි. මෙවැනි පොදු සමාව ලබා දීමට ධනවතුන් වී සිටිය යුතුද?

ත්‍රස්තවාදී මර්දන පනත යටතේ මේ වන විට සිය ගානකට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට පත් වී තිබේ. ද්‍රවිඩ ජනතාවට විරුද්ධව පීඩාවට ලක් කිරීමේ අදහසින් ත්‍රස්ත මර්දන පනත ගෙන එන ලදී.

මෙම තත්ත්වය මත විශාල වශයෙන් ද්‍රවිඩ ජනතාව අත්අඩංගුවට ගෙන තිබිණි. අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරයෙන් පසු මේ පනත යටතේ මුස්ලිම් ජනතාව ද අත්අඩංගුවට පත් වෙමින් සිටී. මේ ආකාරයෙන් පනත භාවිතා කරමින් සිංහල ජනතාව ද අත්අඩංගුවට ගැනීමට ඉඩ තිබේ. එම නිසා ශ්‍රී ලාංකිකයින් ලෙස සියළු ජනතාව එකමුතු වී වැඩ කළ යුතුයි.

එමෙන්ම GSP+ බදු සහනය ලබා දිය නොහැකි බව යුරෝපීය සංගමය දන්වා ඇති මොහොතක සිරගත කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර සහ දේශපාලන සිරකරුවන් නිදහස් කරමින් සිටී.

මෙම තත්ත්වය මත ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටවල් සමඟ මිත්‍රත්වය ගොඩනගා ගත යුතු වුවත් එයට ප්‍රතිවිරුද්ධව ප්‍රජාතන්ත්‍රවාදී නොවන රටවල් සමඟ මිත්‍රත්වය ඇති කර ගනිමින් පවතී. එම හේතුව නිසාම මෙවැනි ක්‍රියා සිදු වෙමින් තිබේ.

-virakesari.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *