ජනපති වතු කම්කරුවන්ව අමතක කළේ ඇයි?

0

දිනකට රු. 1000 බැඟින් දින 30කට රු. 30,000ක වැටුපක් වතු කම්කරුවන් ලබා ගන්නවා දැයි ඔබ සිතනවාද , ජනාධිපතිතුමනි!

ඔබ ජාතිය අමතන අවස්ථාවේ සිලෝන් ටී පිළිබඳව සඳහන් කර වතු කම්කරුවන්ව අමතක කළ ජනපති ගෝඨාභය රාජපක්ෂගෙන් මම මෙම ප්‍රශ්නය ඇසීමට කැමැත්තෙමි යැයි ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවක දී මනෝ ගනේෂන් මන්ත්‍රීතුමා තව දුරටත් පැවසුවේ ,

භාණ්ඩ මිල ඉහළ යාමට කොරෝනා වසංගතය හේතුවක් ලෙස පෙන්වන ජනාධිපතිවරයා, තම මාස 19ක පාලනය තුළ සිදු වූ අසාර්ථකත්වය කොවිඩ්, කොරෝනා වසංගත තිරයෙන් වසා දැමිය නොහැක.

ජනපති ගෝඨාභය ගැන සිතා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් අද කඳුළු සලති. තවත් හිමිනමක් වන මුරුත්තෙට්ටුවේ හිමි ශාප කරමින් සිටිති. ඇත්ත වශයෙන්ම කඳුළු සැලිය යුත්තේ උන්වහන්සේලා නොව, අපයි. නමුත් මෙතුමානන් කඳුළු සලමින් ශාප කරයි. උන්වහන්සේලා තමයි මෙම රාජපක්ෂ පාලනය ගෙන ඒමට මූලිකත්වය දුන් බෞද්ධ භික්ෂූන් වහන්සේලා. උන්වහන්සේලාගේ කඳුළු සහ ශාපය මෙම රජයේ සැබෑ ප්‍රතිරූපය පෙන්වයි.

අද මෙරට ඇඟලුම් අපනයන අනාගතය අවිනිශ්චිත තත්ත්වයක පවතී. මොවුන්ගේ මානව හිමිකම් කඩ කිරීම හේතුවෙන් GSP+ සහනය අහිමි වීමට යයි. මේ නිසා මෙම අපනයන ආදායම අහිමි වීමට ඉඩ ඇත. සංචාරක ව්‍යාපාරය සම්පූරණයෙන්ම කඩා වැටී ඇත. විදේශ ශ්‍රමිකයන්ගේ ජීවනෝපාය සහ ආදායම් මාර්ග අද ප්‍රශ්නයක් වී ඇත.

මෙම තත්ත්වය මත අදත්, එදත්, කවදත් ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන එන්නේ තේ කොළ අපනයනයෙනයි. මේ නිසාම ජනාධිපතිගේ ජාතිය ඇමතීමේ දී සිලෝන් ටී පිළිබඳව කරුණු දැක්වීය. නමුත් සිලෝන් ටී පසුබිමෙහි සිටින කම්කරුවන්ගේ ජීවනෝපාය ඔහුට අමතක විය.

වතු කම්කරුවන්ව මුළුමනින්ම කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට භාර දී ඔබ නිහඬව සිටී. ඔවුන්ව වතු සමාගම්වල ප්‍රාණ ඇපකරුවන් ලෙස පත් කළේය. ඔබව රාජ්‍ය සේවයේ වතු කම්කරුවන් බවට පත් කරනවා යැයි කියූ ශ්‍රී ලංකා වතු කම්කරු කොංග්‍රසය යන පක්ෂය ගොරවමින් තද නින්දේ සිටී.

වැවිලි කර්මාන්තය අපනයන ආදායම ගෙන එන ප්‍රධාන ව්‍යාපාරයකි. මෙම ව්‍යාපාරයට සහ කොරෝනා වසංගතයට ඇති සම්බන්ධතාවය කුමක්ද? මෙමඟින් ලැබෙන්නේ ආදායම පමණයි. මෙයින් ලැබෙන රජයේ බදු ආදායම මඟින් වතු කම්කරුවන්ට සහන සලසන්න.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com