(VIDEO) රනිලුත් පාර්ලිම්මේන්තුවේ දිවුරු දීමෙන් පසු ආශිර්වාද ලබාගන්න අභයාරාමයට යයි

(VIDEO) රනිල් පාර්ලිම්මේන්තුවේ දිවුරු දීමෙන් පසු අභයාරාමයට ගොස් ආශිර්වාද ලබාගනී
එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිම්මේන්තුවේ දිවුරු දීමෙන් පසු (23) පස්වරුවේ නාරාහේන්පිට අභයාරාමයට ගොස් මුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.
රනිල් වික්‍රමසිංහ මහතා (22) රාත්‍රී කොල්ලුපිටිය වාලුකාරාමයට ගොස් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තේය.
එහිදී කොල්ලුපිටිය වාලුකාරාමය ප්‍රමුඛ පංච මහා විහාරාධිපති කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ රත්මලාන පාර්ශවයේ උපාධ්‍යාය කොළඹ දිසාව සහිත ඌව පළාතේ ප්‍රධාන සංඝනායක මහරගම නන්ද නාහිමියන් බැහැදුටු රනිල් වික්‍රමසිංහ මහතා අනතුරුව බුද්ධ පූජා පිංකමකට ද සහභාගී විය.