ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායක වෙත

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායක වෙත
ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් බලශක්ති ඇමති උදය ගම්මන්පිලට එරෙහිව සමගි ජන බලවේගය පක්ෂය විසින් සකස් කළ විශ්වාසභංග යෝජනාව (22) පාර්ලිමේන්තුවේදී කථානායකවරයා වෙත භාරදී තිබේ.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් අද පෙරවරුවේ එම විශ්වාසභංග යෝජනාව කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත භාරදුන් බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය.
සමගි ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 43 දෙනෙකු එම විශ්වාසභංග යෝජනාව සඳහා අත්සන් තබා ඇත.