දෙහිවල සත්වෝද්‍යානයේ පිරිමි සිංහයකුට කොරෝනා

දෙහිවල සත්වෝද්‍යානයේ පිරිමි සිංහයකුට කොරෝනා
දෙහිවල සත්වෝද්‍යානයේ සිංහ දූපතේ කේසර පිරිමි සිංහයකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරුවී තිබෙන බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ලංකාදීපයට පැවැසීය
මේ බව තහවුරු වීම නිසා කොවිඩ් ආසාදිත එම සිංහයා සත්වෝද්‍යානයේම වෙනම ස්ථානයක නිරෝධායනයට යොමුකර ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය. එසේම සිංහ දූපතේ සිංහ ධේනුවද කිසියම් මැලවුණු ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා එම ධේනුව ගැනද සත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරු දැඩි විමසිල්ලෙන් පසුවෙති.
සෙසු පිරිමි සිංහයන් දෙදෙනා නිරෝගී තත්ත්වයෙන් පසුවන බවද එහි ආරංචි මාර්ග සඳහන් කරයි.
දෙහිවල සත්වෝද්‍යානයේ හිපෝ සත්වයකු සහ සීබ්‍රා පැටවකු මීට දින කිහිපයකට පෙරදී හදිසියේම මිය ගොස් ඇති අතර එම සතුන් දෙදෙනාද කොරෝනා වැළඳී මිය ගියේ දැයි සැකයක් පවතින බව එහි නිලධාරීහු පවසති.
පිරිමි සිංහයාට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසු එම සිංහ දූපතේ සේවකයෝ නිරෝධායනයට යොමු කරනු ලැබ සිටිති. ඔවුන් පී.සී.ආර් පරීක්ෂණවලට යොමු කිරීමටද කටයුතු යොදා ඇතැයි වනජීවී රාජ්‍ය ඇමතිවරයා පැවැසී ය.