තෙල් මිල හා බැසිල් අතර සබඳතාව මම දන්නේ නෑ – උදය ගම්මන්පිල

නොරොච්චෝලේ අනිවාර්ය නඩත්තුවක් හේතුවෙන් මාස දෙකකට වසා දැමීමට තීරණයක්

නොරොච්චෝලේ අනිවාර්ය නඩත්තුවක් හේතුවෙන් මාස දෙකකට වසා දැමීමට තීරණයක්

තෙල් මිල හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර පවතින සබඳතාව තමන් නොදන්නා බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඒ මාධ්‍යවේදියෙකු නැගී ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ප්‍රශ්නය – බැසිල් මහත්තයා ලංකාවට ආවහම ඒ අය කියන විදියට තෙල් මිල අඩුවීමක් වෙයිද ?

පිළිතුර – මම ද දන්නේ නෑ බසිල් රාජපක්ෂ මැතිතුමා ලංකාවට එන්නේ කවද්ද කියලා. ඒ වගේ මම දන්නේ නැහැ තෙල් මිලයි බැසිල් රාජපක්ෂ මහත්තයාගේ පැමිණීමයි අතර සම්බන්ධයක් ගොඩ නැගෙන්නේ කොහොමද කියලා. අද මේ තීන්දුව ගත්තේ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා පත් කරපු අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් විසින්. විවේචනය කරන හැමෝටම කියනවා විවේචන වෙනුවට විකල්ප දෙන්න කියලා. අඩු කරනවානම් කොහොමද ඒකට අවශ්‍ය ඩොලර් ටික හොයා ගන්නේ. ඒ සඳහා අරමුදල් හොයාගන්නේ.එහෙම කරන්න භාණ්ඩාගාරය විසින් වෙනත් විකල්ප නැහැයි කිව්වහම මහ බැංකුව විසින් කළ යුත්තේ මෙය යැයි උපදෙස් දුන්නහම ආණ්ඩුව මේ තීන්දුව ගත්තේ.

ප්‍රශ්නය – ආරක්ෂාව සඳහා ගෙන ඇති ඇතැම් පියවරත් එක්ක රටට GSP+ සහනය අහිමි වෙන්නට යන බවත් කියවෙනවා. මේ ගැන ඔබතුමා මොකද කියන්නේ ?

පිළිතුර – GSP+ සහනය අපිට හරිම වැදගත් එය රැක ගන්න පුළුවන් නම් ඉතාමත්ම හොඳයි. ජාතික ආරක්ෂාව අනතුරේ දමා GSP+ රැක ගැනීමට නම් අපි සූදානම් නැහැ. ජාතික ආරක්ෂාව සහ GSP+ දෙකම රැකගැනීමට පුළුවන් නම් අප එතැන ඉන්නවා.

ප්‍රශනය – පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් දක්වන අදහස් එක්ක මේ විශ්වාසභංග ජයග්‍රහණය කළ හැකි යැයි ඔබතුමාට විශ්වාසයක් තියෙනවද ?

පිළිතුර – මම විශ්වාස කරනවා අපේ ආණ්ඩු පක්ෂය තුළ විපක්ෂයේ න්‍යායපත්‍රයට නැටවෙන විපක්ෂ රූකඩ කිසිවක් නැහැ කියලා. හැබැයි ඇත්තටම විපක්ෂයේ න්‍යායපත්‍රය ක්‍රියාත්මක කරන තෙල් සමාගම් වලින් නඩත්තු වන මන්ත්‍රීවරුන් කවුරුන් හෝ අපේ ආණ්ඩු පක්ෂයේ සිටිනවා නම් ආණ්ඩුව පිහිටුවා වසරක් වගේ කාලයක් තුළ එය හෙළිදරව් කර ගැනීමට හැකි වීම ආණ්ඩුව ලබන ජයග්‍රහණයක්.

විපක්ෂය විසින් රිංගවන ලද හෝ ලංකාව තුළ තෙල් පිරිපහදු අලුතින් ඇතිවෙලා රට තුළින් තෙල් සහ ගෑස් සම්පත මතුකරගෙන පිටරටින් ඒවා ගෙන්වන සමාගම් වලට පාඩුවක් සිදු වෙනවාට අකමැති මන්ත්‍රීවරුන් මේ ආණ්ඩු පක්ෂය තුළ සිටිනවා නම් කලින්ම හෙළි කර ගන්නට ලැබෙනවා කියන එක අපි ලබපු ස්වර්ණමය අවස්ථාවක්.

ප්‍රශ්නය – සාගර කාරියවසම් මන්ත්‍රීතුමා කියනවා ඔබතුමාට ඉදිරිපත් කළ චෝදනා හකුලා ගන්නේ නැහැ කියලා. ඔබතුමා මොකද ඒ ගැන හිතන්නේ ?

පිළිතුර – සාගර කාරියවසම් ගරු මන්ත්‍රීතුමාට විකල්ප තුනක් දුන්නා. එක්කෝ එතුමා එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගත යුතුයි. නැත්නම් කනගාටුව ප්‍රකාශ කළ යුතුයි. දෙකම නොකර තමන්ගේ මුල් ස්ථාවරයේම සිටිනවා නම් වත්මන් බලශක්ති අර්බුදයට වගකිවයුත්තේ මා යැයි ඔහු විශ්වාස කරනවා නම් එය ඔප්පු කිරීම සඳහා මා සමඟ ප්‍රසිද්ධ විවාදයකට මා එතුමන්ට නැවත වතාවක් ආරාධනා කරනවා.

පාළු ගෙයි වළං බිදින්නේ නැතුව තැන තැන කටමැත දොඩ වන්නේ ද නැතුව මහත්වරුන් දෙදෙනෙක් වගේ අපිට පුළුවන් ප්‍රසිද්ධ විවාදයක් කරල රටේ ජනතාවට තේරුම් ගන්නට දෙන්න කොහොමද මේ බලශක්ති අර්බුදය ඇතිවුණේ, ගම්මන්පිලගේ දායකත්වය මොකක්ද කියන එක.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *