කිරිපිටි පැකට්ටුවක මිල ද ඉහල යන පාටක්

සම්පුර්ණ යොදය සහිත කිරිපිටි ආනයන කරන්නන් සිය කිරිපිටි මිල ඉහල දැමීම වෙනුවෙන් රජයෙන් අවසර ඉල්ලා තිබේ.
ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රු. 140.00කින් ද කිලෝ එකක කිරිපිටි පැකට්ටුවක් රු. 350.00කින් ද වැඩි කිරීමට සඳහා ඔවුන් සිය ඉල්ලීම පාරිබෝගික කටයුතු පිළිබඳ අදිකාරිය වෙත යොමු කර තිබේ.
මෙසේ මිල වැඩි කිරීමට අවසර ලබාදුනහොත් ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රු. 520.00 දක්වාත් කිලෝ එකක කිරිපිටි පැකට්ටුවක මිල රු. 1295.00 දක්වාත් වැඩි වනු ඇත