එක්ස්-ප්‍රෙස් පර්ල් නෞකාවේ සුන්බුන් වලින් තෙල් කාන්දුවීම පිළිබඳ වාර්තාවක්

එක්ස්-ප්‍රෙස් පර්ල් නෞකාවේ සුන්බුන් වලින් විය හැකි තෙල් කාන්දු වීම පිළිබඳ වාර්තාවක්
සිංගප්පූරුවට අයත් බහාලුම් නෞකාවක් වන ‘එක්ස්-ප්‍රෙස් පර්ල්’ නෞකාව ශ්‍රී ලංකාවේ වෙරළට ඔබ්බෙන් ගිලී ඇති අතර මේ වන විට අපේක්ෂිත තෙල් කාන්දුවක් සඳහා සූදානම් වෙමින් සිටින බවට වාර්තා වේ.
එක්ස්-ප්‍රෙස් පර්ල් නෞකාව කොළඹ වරායට ආසන්න මුහුදේ නැංගුරම් ලා සිටිය දී පසුගිය මැයි 20 වන දින ගින්නක් හටගත් අතර එහි කාර්ය මණ්ඩලය ඉවත් කලේය. යාත්‍රාවේ ඇති වූ ගින්න නිවා දැමීමට දින 13 ක් ගත වූ අතර මෙම කාලය තුළ එක්ස්-ප්‍රෙස් පර්ල්හි බහාලුම් සාගරයට වැටී ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරය වෙත විසිරිණි. එම බොහෝ බහාලුම් ශොපින් බෑග් නිෂ්පාදනය සඳහා භාවිතා කරන ප්ලාස්ටික් ඇට වලින් පුරවා තිබිණ.
එක්ස්-ප්‍රෙස් පර්ල් නෞකාව වෙරළින් ඉවතට ඇඳ ගැනීමට උත්සාහ කළ නමුත් පසුගිය ජුනි 4 වන දින යාත්‍රාවේ පසුපස කොටස ගිලී මුහුදු පතුල වෙත ඇදී ගිය බව තහවුරු විය. යාත්‍රාව නැවත පාකර වෙරළින් ඉවතට ගෙනයාමට ඇති විකල්ප සලකා බලමින් සිටියද, අයහපත් කාලගුණය සහ මුහුදේ රළු තත්ත්වයන් එම කාර්‍ය තවදුරටත් දුෂ්කර කලේය.
මෙම නෞකාවේ තෙල් ටොන් 350 ක් පමණ අඩංගු වන අතර, තෙල් කාන්දු වීමක් සිදුවුවහොත් ශ්‍රී ලංකාවේ සමුද්‍ර පරිසර පද්ධතියට විශාල හානියක් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය තෙල් කාන්දුවක් අනාවරණය වුවහොත් ඊට මුහුණ දීමට සූදානමින් සිටියි.