ජනපතිගේ සැළැස්ම 2030 වන විට ඒක පුද්ගල දළ දේශිය නිෂ්පාදනය ඩොලර් 8000ක් දක්වා වර්ධනය කිරීමටයි

2030 වන විට ඒක පුද්ගල දළ දේශිය නිෂ්පාදනය ඩොලර් 8000ක් දක්වා වර්ධනය කිරීමට; ජාතික බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුණර්ජනීය බලශක්තිය සඳහා යොමු වීමට කැපවී සිටිනවා – ජනපති

2030 වන විට ඒක පුද්ගල දළ දේශිය නිෂ්පාදනය ඩොලර් 8000ක් දක්වා වර්ධනය කිරීමට; ජාතික බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුණර්ජනීය බලශක්තිය සඳහා යොමු වීමට කැපවී සිටිනවා – ජනපති

2021 ශ්‍රී ලංකා ආයෝජන සමුළුවට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා (07) ශ්‍රී ලංකාවේ ඉදිරි ආයෝජන සැලසුම් ලෝක ප්‍රජාවට ඉදිරිපත් කළේය. රටවල් 65ක් මෙම සමුළුවට සම්බන්ධ වූයේ අන්තර්ජාල තාක්ෂණය ඔස්සේයි.

සමුළුව අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ, 2030 වන විට ඒක පුද්ගල දළ දේශිය නිෂ්පාදනය ඩොලර් 8000ක් දක්වා වර්ධනය කිරීමට අවශ්‍ය වේගවත් ආර්ථික පරිවර්තන සැලැස්මක් පවතින බවයි. ඒ සඳහා ස්ථාවර සර්ව ආර්ථික පරිසරයකට අවශ්‍ය ප්‍රතිපත්ති, ස්ථායිතාව හා අනුකූලතාව පවත්වා ගැනීමට දැඩිව කැපවී සිටින බවද ජනාධිපතිවරයා එහිදි පැවසීය.

කොළඹ වරාය නගරය ලෝකයේ වේගයෙන් වර්ධනය වන කලාපයකට අවශ්‍ය සේවා මධ්‍යස්ථානයක් බවට පත්කිරීම අරමුණ බවද එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේය.

තවද සිය රජය පුනර්ජනනීය බලශක්ති දිරිගැන්වීමටත් කටයුතු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, 2030 වන විට ජාතික බලශක්ති අවශ්‍යතාවයෙන් 70% ක් පුණර්ජනීය බලශක්තිය සඳහා යොමු වීමට කැපවී සිටින බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *