(VIDEO) මඩකලපුවේ පොලිස් කූඩුවේ තරුණයකු මරුට – මාංචු දාලා පැයක් තිස්සේ ගහලා

(VIDEO)මඩකලපුවේ පොලිස් කූඩුවේ තරුණයකු මරුට

(VIDEO)මඩකලපුවේ පොලිස් කූඩුවේ තරුණයකු මරුට

පොලිස් අත්අඩංගුවේදී තරුණයකු මරණයට පත් වීමත් සමග මඩකලපු වාසීන් පිරිසක් නොසන්සුන්තාවයට පත්ව සිටි.

මිය ගිය තරුණයාගේ මෑණියන් ඇතුළු ඥාතීන් චෝදනා කරන්නේ පොලිස් ඔත්තු සේවා විසින් අත් අඩංගුවට ගන්නා ලද විසි එක් හැවිරිදි චන්ද්‍රන් විධුෂන්ට වධහිංසා කොට ඝාතනය කරන ලද බවටයි.

ඒ බව දැනගැනීමෙන් පසු ප්‍රදේශවාසීන් තරුණයාගේ නිවස අසල රැස්කනු පළාත්බද මාධ්‍යවේදීන් විසින් රූපගත කොට තිබේ.

චන්ද්‍රන් විධූෂන් තරුණයාගේ මිය යාම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස දිස්ත්‍රික් මහේස්ත්‍රාත් කරුපයියා සෙල්වරානි එරාවුර් පොලිසියට නියෝග කර ඇත.

ජුනි 2 බදාදා රාත්‍රියේ මඩකලපුවේ ඉරුදයපුරම්හිදී අත් අඩංගුවට ගත් සිය පුතුට මාංචු දමා පැයක පමණ කාලයක් පොලිස් නිලධාරීන් පහර දුන් බව තරුණයාගේ මව මාධ්‍යවේදීන් සමග පවසා තිබේ.

“රෑ දහයමාරට විතර ගෙදරින් අරං ගිහින් මඩකලපු පොලිසියට ගෙනිහිල්ලා ලොකප් එකේ දැම්මා. ඊට පස්සේ උදේ අපිට කිව්වා එයා මැරිලා කියලා,” යි ඔහුගේ සහෝදරිය පැවසුවාය.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ සිවිල් ඇදුමින් සැරසී සිටි පොලිස් නිලධාරීන් තරුණයාට පහර දෙන ආකාරය ගම් වැසියන් විසින්ද දැක තිබෙන බවයි.

“ඔලුවෙයි, බෙල්ලෙයි තුවාල පේන්න තියෙනවා,” යි මිය ගිය තරුණයාගේ මාමා මාධ්‍යවෙිදීන්ට පවසා තිබේ.

“එයාට මාංචු දාලා ගහක ගැටගහලා ඊට පස්සේ පොලිසියට අරං ගියා. ඊට පස්සේ ගේ පරීක්ෂා කරලා මුකුත් හොයාගන්න නැතිව ආපහු ගියා. අපිට කිව්වේ පොලිසියට එන්න එපා කියලයි.”

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන චෝදනාවක් මත චන්ද්‍රන් විධූෂන් තරුණයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව පෙන්වා දෙන ප්‍රදේශ වාසීන් ප්‍රශ්න කරන්නේ අත්අඩංගුවට ගත් සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් කරනවා විනා පොලිසිය ඔහුට පහර දෙන්නේ කුමන පදනමකින්ද යන්නයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *