හිජාස්ට විරුද්ධව සාක්කි දෙන්නැයි මද්‍රසා පාසලක ගුරුවරුන්ට බල කරල ලූ – අධිකරණයට දැනුම් දෙයි!

දින 500කට පසුවත් යුක්තිය අහිමි නීතීඥ හිජාස් : නීතීඥවරයෙකුගේ ඉරණම මෙය නම්, සාමාන්‍ය ජනතාව ගැන කුමන කතාද?

දින 500කට පසුවත් යුක්තිය අහිමි නීතීඥ හිජාස් : නීතීඥවරයෙකුගේ ඉරණම මෙය නම්, සාමාන්‍ය ජනතාව ගැන කුමන කතාද?

මදුරංකුලියේ මද්‍රසා පාසලක ගුරුවරුන් දෙදෙනකු බව කියමින් අත්අඩංගුවට ගත් දෙදෙනා මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනු කර ඇති බවත්, නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතාට එරෙහිව සාක්කි ලබා දෙන ලෙසට විමර්ශන නිලධාරීන් ඔවුන්ට බලපෑම් කර ඇති බවට එම පෙත්සම් දෙකෙහි සඳහන් වන බවත් ජනාධිපති නීතීඥ එම්.ඒ සුමන්තිරන් මහතා (01) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ සම්බන්ධයෙන් අපරාධ නඩුවිධාන සංග්‍රහයේ 127 වගන්තිය යටතේ මහේස්ත්‍රාත්වරයා ඉදිරිපිට ප්‍රකාශයක් කිරීමට සැකකරුවන් සූදානමින් සිටින බවද ජනාධිපති නීතීඥවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපති නීතීඥ එම් ඒ සුමන්තිරන් මහතා මේ බව ප්‍රකාශ කළේ රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගත් මදුරංකුලිය පාසලක ගුරුවරුන් දෙදෙනකු සම්බන්ධ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.

මෙම සැකකරුවන් දෙදෙනා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මාර්තු 26 වැනිදා ය. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ලබා ගත් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි ඔවුන් දෙදෙනා මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනු කිරීමෙන් පසු (31) රහස් පොලිසිය විසින් ඔවුහු දෙදෙනා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ. සැකකරුවන් ප්‍රකාශයක් ලබා දීමට සූදානමින් සිටින බවද රිමාන්ඩ් කිරීම සම්බන්ධයෙන් විරෝධතා තිබෙන බව ද ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා දැනුම්දීමෙන් අනතුරුව පැමිණිල්ල (01) ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවීමට නියෝග කෙරිණි. ඒ අනුව (01) සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් ජනාධිපති නීතීඥ එම් ඒ සුමන්තිරන් මහතා පෙනී සිටියේය.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන අධිකරණයට ඉදිරිපත් කරන සැකකරුවන් රිමාන්ඩ් කළ හැක්කේ ඔවුනට එරෙහිව පිළිගත හැකි සාක්කි ඇත්නම් පමණක් බව ජනාධිපති නීතීඥවරයා ප්‍රකාශ කළේය. මහේස්ත්‍රාත්වරයකුට සෑහීමකට පත්විය හැකි ප්‍රමාණවත් සාක්කියක් නොමැතිව ඉදිරිපත් කරන සැකකරුවන් මුදා හැරිය යුතු බවද ජනාධිපති නීතීඥවරයා කීවේය. මෙම සැකකරුවන් දෙදෙනාට එරෙහිවද ප්‍රමාණවත් සාක්කි ඉදිරිපත් කර නැති හෙයින් ඔවුන් දෙදෙනා මුදා හරින ලෙසද සුමන්තිරන් මහතා ඉල්ලා සිටියේය.

-medialk

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *