ඉන්දියානු වෛරස් ප්‍රභේදයට වඩා දරුණු නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් වියට්නාමයෙන්

බ්‍රිතාන්‍ය සහ ඉන්දියානු වෛරස් ප්‍රභේදයන්වලට වඩා දරුණු කොරෝනා නව වෛරස් ප්‍රභේදයක් වියට්නාමයෙන්
කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් වියට්නාමයෙන් සොයාගෙන ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
එම වෛරසය බ්‍රිතාන්‍ය සහ ඉන්දියානු වෛරස් ප්‍රභේදයන්වල එකතුවක් බවත් එය වාතය මගින් ව්‍යාප්තවන බවත් වියට්නාම සෞඛ්‍ය බලධාරීන් සදහන් කර ඇත.
පසුගිය අප්‍රේල් මාසයේ සිට වියට්නාමයෙන් කොවිඩ් ආසාදිතයින් හමුවීමේ ඉහළ යාමක් වාර්තා වී තිබේ. මෙම නව ප්‍රභේදය ඊට හේතුවන්නට ඇතැයි විශ්වාස කෙරේ.
මෙම නව වෛරස් ප්‍රභේදය ඉතා භයානක බවද සදහන් වේ.