අමෙරිකාවෙන් ලංකාවේ කොරෝනා මර්දන ක්‍රියාවලියට රුපියල් මිලියන 13ක PCR කට්ටල

ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන ක්‍රියාවලියට සහාය දීම සදහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් රුපියල් මිලියන 13ක (USD 65000) PCR පරීක්ෂණ කට්ටල 4700ක් ඇමෙරිකානු තානාපති කාර්යාලය වෙනුවෙන් පැසිෆික් කමාන්ඩ් ඔග්මන්ටේෂන් කණ්ඩායමේ (PACOM Augmentation Team) අධ්‍යක්ෂ බ්‍රැඩ්ලි එල්ඩර් සහ සිවිල් මිලිටරි සපෝර්ට් එලිමන්ට් අධ්‍යක්ෂ ටෝනි ක්ෂූ යන මහත්වරුන් විසින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සහ ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සංකේතාත්මකව බාරදෙන ලදි.