කොරෝනා අස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශයට කුඩ්ම්මගේ සැළකිල්ල

සෞඛ්‍ය සේවාව අදහස් ප්‍රකාශ කිරීම සඳහා දුරකථන අංකයක්

සෞඛ්‍ය සේවාව අදහස් ප්‍රකාශ කිරීම සඳහා දුරකථන අංකයක්

පසුගිය මාර්තු මාසය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් ලක්ෂ 75.5 අමතර මුදලක් වෙන් කර ගන්නා අතර ආරක්ෂක අමාත්‍යාංශය සහ ත්‍රිවිධ හමුදාව වෙනුවෙන් පසුගිය මාර්තු මාසය තුළදී පරිපූරක ඇස්තමේන්තු මගින් රුපියල් කෝටි 2,035කට ආසන්න අමතර මුදලක් වෙන්කරගෙන තිබේ.

මෙම මුදල් වෙන් කරගෙන ඇත්තේ “ජාතික අයවැය දෙපාර්තමේන්තුව යටතේ පරිපූරක සහය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය” යටතේය. මේ අනුව පැහැදිලි වන්නේ රට තුළ කොරෝනා වසංගතය වේගයෙන් ව්‍යාප්තවෙමින් යන පසුබිමක සෞක්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් හදිසි අවශ්‍යතා සඳහා රුපියල් ලක්ෂ 75ක් පමණ වෙන් කරන අතර ජාතික ආරක්ෂාව සඳහා වූ ප්‍රතිපාදන වශයෙන් රුපියල් කෝටි 2,035ක අමතර මුදලක් වෙන්කරගෙන ඇති බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් වෙන්කරගෙන තිබෙන මුදල් සම්බන්ධයෙන් දක්වා තිබෙන්නේ “කොවිඩ් – 19 හදිසි ප්‍රතිචාර හා සෞඛ්‍ය පද්ධති සූදානම් කිරීමේ ව්‍යාපෘතිය” වෙනුවෙනි.

මෙම වර්ශය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් අයවැය මගින් රුපියල් කෝටි 15,000ක මුදලක් වෙන් කර ඇති අතර ආරක්ෂක අමාත්‍යාංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශය යන අමාත්‍යාංශ දෙක වෙනුවෙන් රුපියල් කෝටි 45,000ක මුදල් වෙන්කර තිබියදී මාර්තු මාසය වෙනුවෙන් පමණක් තවත් අමතර මුදල් රුපියල් කෝටි 2035ක් වෙන්කරගනෙ තිබීම විශේෂත්වයකි.

කොරෝනා මර්ධන රාජ්‍ය අමාත්‍යවරිය දේශීය ධානපතියන්ගෙන් සහ විදේශ රටවල වෙසෙන මෙරට ශ්‍රී ලාංකිකයින්ගෙන් වහාම ආධාර සපයන්නැයි ඉල්ලා තිබේ. එම ඉල්ලීම කර ඇත්තේ පසුගිය මාර්තුමාසයේදී ආණ්ඩුවෙන් කොවිඩ් මාර්ධනය සඳහා අමතර ප්‍රතිපාදන වශයෙන් රුපියල් ලක්ෂ 75.5ක් වැනි ඉතාමත්ම සුළු මුදලක් ලබාගෙන තිබියදීය.

-Lankatruth

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *