බිලියනයක් වැයකර ජනතාවගේ කට වැසීමෙන් කොවිඩ් පාලනය කරගන්න තිබ්බා, සංචරණ සීමා නිසා කෝටි 6000ක් පාඩු වුණා

සංචරණ සීමා නිසා රටේ ආර්ථිකයට වූ පාඩුව කෝටි 6000ක්, දේශීය දළ ජාතික නිෂ්පාදිතයෙන් දිනකට අහිමි වූ මුදල රුපියල් කෝටි 1500ක්

සංචරණ සීමා නිසා රටේ ආර්ථිකයට වූ පාඩුව කෝටි 6000ක්, දේශීය දළ ජාතික නිෂ්පාදිතයෙන් දිනකට අහිමි වූ මුදල රුපියල් කෝටි 1500ක්

දිවයින පුරා පසුගිය සතිය ක්‍රියාත්මක කෙරුණු සංචරණ තහනම හේතුවෙන් රටේ ආර්ථිකයට වූ පාඩුව රුපියල් කෝටි 6000 ඉක්මවන බව මුදල්, ප්‍රාග්ධන සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. සංචරණ තහනම හේතුවෙන් දේශීය දළ ජාතික නිෂ්පාදිතයෙන් දිනකට අහිමි වූ මුදල රුපියල් කෝටි 1500 කට අධික යැයිද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියයි.

රට දින දහයක් වසා දැමුවොත් දළ ජාතික නිෂ්පාදිතයෙන් අහිමි වන මුදල රුපියල් කෝටි 15000ක්(බිලියන 150ක්)ලෙස ගණන් බලා ඇතැයි ද එය මුළු නිෂ්පාදිතයෙන් සියයට එකක ප්‍රතිශතයක් යයිද ඔහු කීය. රටේ සමස්ත දළ ජාතික නිෂ්පාදිතයේ වටිනාකම රුපියල් කෝටි පහළොස් ලක්ෂයකි. මේ අනුව දිනක නිෂ්පාදිත වටිනාකම රුපියල් කෝටි 4100කට අධිකය.

සංචරණ තහනම පැනවුවත් රටේ රක්ෂණ ඇතුළු ඇතැම් අංශ එම කාලයේදී ක්‍රියාත්මකවු හෙයින් දළ දේශීය නිෂ්පාදිතයට දිනකට සිදුවූ පාඩුව රුපියල් කෝටි එක්දහස් පන්සීයක් ලෙස ගණන් බැලිය හැකි යයිද අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේය.

මුඛ ආවරණ ලබාදී ජනතාවගේ කට වැසීමෙන් කොවිඩ් පාලනය කරගත හැකි බවත් ඒ සඳහා වැයවන්නේ බිලියනයක මුදලක් පමණක් බවත් අජිත් කබ්රාල් මහතා අනාවරණය කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *