(VIDEO) කොවිඩ් බළකායේ ප්‍රධානියා රට දාලා ගිහිල්ලා: පාලකයෝ රටට දෙන ආදර්ශය මේකද? – ලක්ෂ්මන් කිරිඇල්ල

ජාත්‍යන්තරය අපේක්ෂා කරන දේශපාලන-ආර්ථික ප්‍රතිසංස්කරණක් වනතුරු විදෙස් ණය ආධාර ලැබෙන්නෑ - ලක්ෂ්මන් කිරිඇල්ල
රටේ කොරෝනා වසංගතය උග්‍රව පැවතියදී කොරෝනා මර්දනය කිරීමට පත්කළ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානියා රට හැර ගොස් ඇති බවත්, නායකයන් ජනතාවට දෙන ආර්ශය මෙයද යන්නත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කර සිටියේය.
පාලකයන් මේ වනවිට කළ යුත්තේ රට බේරා ගැනීම බවත්, ඒ වෙනුවට ආණ්ඩුව බේරාගැනීමේ වැඩපිළිවෙළක ආණ්ඩුව නිරත වී සිටින බවත් ඒ මහතා කීය.
බටහිර රටවල් පස්ගුණයකින් පමණ එන්නත් වෙන්කරවාගෙන ඇති නමුත් ආණ්ඩුවේ වැරදි විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් එම එන්නත් ගෙන්වා ගැනීමට නොහැකිව සිටින බවත් මන්ත්‍රීවරයා කීය.