ලිට්‍රෝ සහ ලාෆ්ස් සමාගම් දෙකම මේ වනවිට දැඩි අර්බූදයක: රට පුරා ගෑස් හිඟයක් මතුවීමේ අවදානමක්

ගෑස් මිළ පහළට

ගෑස් මිළ පහළට

ලංකාවට ගෑස් බෙදාහරින ආයතන දෙක වන ලිට්‍රෝ සහ ලාෆ්ස් සමාගම් දෙකම මේ වනවිට දැඩි අර්බූදයකට මුහුණ පා සිටින බව වාර්තා වේ.

ලෝක වෙළෙදපොළේ විශාල වශයෙන් ගෑස් මිල ඉහළ යාම මුල්කරගෙන මෙසේ මෙම ගෑස් සමාගම් දෙක දැඩි අර්බූදයකට මුහුණ පා සිටීම හේතුවෙන් ඉදිරියේදී පළාත් මට්ටමින් දැනටමත් ගෑස් හිඟයක් මතුවීමේ ලකුණු පහළ කොට ඇති බව දැනගන්නට ඇත.

මෙම තත්ත්වය තවදුරටත් පැවතුණහොත් රට පුරා ගෑස් හිඟයක් මතුවීමේ අවදානමක්ද මේ වනවිට මතුව තිබේ.

මේ තත්ත්වය සැලකිල්ලට ‌ගෙන වෙළෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහත්වරුන් පසුගිය දිනෙක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මහභාණ්ඩාගාරයේ නිලධාරීන් හමුවී මතුවීමට නියමිත අර්බූදය විසදාගැනීම සදහා යෝජනාමාලාවක් ඉදිරිපත් කොට ඇති බව දැනගන්නට ඇත.

නමුත් මේ වන තෙක් එම යෝජනාවන්ට අනුමැතිය ලැබී නොතිබීම හේතුවෙන් මෙම සමාගම් දෙකෙන් එක් සමාගමක් ළගදීම වැසී යාමේ අනතුරක් මතුව ඇති බවද දැනගන්නට ඇත.

එමෙන්ම අනෙක් සමාගම මේ වනවිටත් මිලියන 900ක පමණ අලාභයක් ලබමින් සිටින බවද දැනගන්නට තිබේ.
-mawrata

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *