මාලදිවයින බෝම්බ ප්‍රහාරයේ ‘මහමොළකරු’ බෝම්බ ගසා දවස් 3කින් අල්ලයි

මාලදිවයින ප්‍රහාරයේ ‘මහමොළකරු’ අල්ලයි; බෝම්බ ගසා දවස් 3කින් ආරක්ෂක අංශ සමත් වේ
මාලදිවයිනේ හිටපු ජනාධිපති මෙන්ම වත්මන් කතානායකවරයා වන මොහොමඩ් නෂීඩ් හට එල්ල කළ බෝම්බ ප්‍රහාරයේ මහමොළකරු ලෙස හැදින්වෙන තැනැත්තා අත්අඩංගුවට ගැනීමට මාලදිවයින් ආරක්ෂක අංශ සමත්ව ඇත.
මෙම සැකකරු අබූහම් රෂීඩ් නැමැති 25 හැවිරිදි අයෙකි.
මෙහි ඇති විශේෂත්වය වන්නේ ප්‍රහාරය සිදුවී දින 3ක් ඇතුළත එහි මහමොළකරු අත්අඩංගුවට ගැනීමට එරට ආරක්ෂක අංශ සමත් වීමය.
මීට අමතරව තවත් පුද්ගලයන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව ඇත.