සෞඛ්‍ය අමාත්‍යාංශය හදිසියට ගන්න ඔක්සිජන් සිලින්ඩර් 21,000ක් සිංගප්පූරුවෙන් ගෙන්වයි

ඔක්සිජන් ටොන් 100ක් ඉන්දියාවෙන්, අවශ්‍ය නම් සිංගප්පූරුවෙන්; සඳුදා සිට සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතියක් බවට අති විශේෂ ගැසට් නිවේදනයක්

ඔක්සිජන් ටොන් 100ක් ඉන්දියාවෙන්, අවශ්‍ය නම් සිංගප්පූරුවෙන්; සඳුදා සිට සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතියක් බවට අති විශේෂ ගැසට් නිවේදනයක්

පවතින තත්වය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඔක්සිජන් සිලින්ඩර 21,000 ක් අමතරව අවශ්‍ය වනු ඇතැයි පුරෝකථනය කර ඇති බවත්, ඒ අනුව එම සිලින්ඩර් තොග සිංගප්පූරුවෙන් ගෙන්වීමට ඇනවුම් ලබා දී ඇති බවත් වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පුරෝකථනය කර ඇති අමතර ඔක්සිජන් සිලින්ඩර අවශ්‍යතාවය පහත සඳහන් පරිදි වේ.
I. ලීටර 4 කුඩා සිලින්ඩර 2,000
II. ලීටර 12 විශාල සිලින්ඩර 10,000
III. ලීටර 47 සිලින්ඩර 9,000

ඒ අනුව, අමතර සිලින්ඩර 21,000ක් කඩිනමින් ආනයනය කර සුරක්ෂිත තොග වශයෙන් පවත්වාගන්නා ලෙස ගෑස් ක්ෂේත්‍රය පිළිබඳව පළපුරුදු අත්දැකීම් හා ජාත්‍යන්තර සම්බන්ධතා ඇති රජයේ පරිපාලිත සමාගම වන ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඩ් වෙත කාර්යසාධන බලකාය විසින් දැනුම් දී ඇත.

මේ වන විටත්, ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඩ් සමාගම, සිංගප්පූරුවෙන් ඔක්සිජන් සිලින්ඩර ආනයනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇති අතර, නොබෝ දිනකින් පළමු තොගය ලැබීමට නියමිත ය.

මීට අමතරව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා චීන ජනරජයෙන් කළ ඉල්ලීමකට අනුව ඔක්සිජන් සිලින්ඩර ඇතුළු වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාවට සැපයීමට චීන රජයේ අවධානය යොමු වී ඇත.
-mawrata

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *